Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
13
ඇමති රාජිතට මැතිසභයේදී චෝදනා.

- ඇමති රාජිතට මැතිසභයේදී චෝදනා.Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,181 Views

අයවැය තෙවනවර කියවීමේ කාරක සභා අවස්ථාවේ සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යංශය මෙන්ම ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශයන්හි වැය ශීර්ෂ ඊයේ (12) විවාදයට ගත්තා.

මේ අතර ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශ වැය ශීර්ෂ විවාදය ආරම්භ කරමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග දැක්වූයේ මෙවන් අදහසක්.

ජෝන් අමරංතුග : මාළු මිල දවස ගානේ වැඩි වෙනවා මිසක් අඩුවෙන පාටක් නම් පෙන්න නැහැ. වාරකන් කාලයේ වැඩි වුණා කියලා අපි කල්පනා කළත්, දැන් වාරකන් ඉවර වෙලත් තාම ඒවගේ තමයි. මොන තාක්ෂණේ තිබුණත්, මොනතරම් වරායවල් හැදුවත් මාළු නැහැ. කවුරු අල්ලගෙන යනවද මන්දා. උතුරු මුහුදු ඉන්දියාව ආක්‍රමණය කරලා. මැති ඇමැතිවරුන්ට කරගන්න දෙයක් නැහැ. දැන් කෑගහලා නිකන් ඉන්නවා. ඕක තමයි ඇත්ත තත්ත්වේ. (සිනා මැද) මාළු අහුවෙන්නේ නැහැ. එවන්ඩකෝ එහෙනම් මාළු කෑල්ලක්වත්. තමුන්නාන්සෙලාට නම් තෝර මාළු කන්න සල්ලි තියෙනවා. අපේ මේ විපක්ෂේ අයට නම් සල්ලි නැහැ. ඒකයි තත්ත්වේ. වෙනස ඒකයි. වෙන මොකුත් නැහැ.

මේ අතර,
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සිය කථාවේදි ධීවර අමාත්‍ය රාජිත සේනරාත්න වෙත දැඩි දෝෂාරෝපණයක් එල්ල කළා.

විජිත් හේරත්: මේ අමාත්‍යංශයේ පවත්වාගෙන යද්දි මේකේ තියෙනවානේ විවිධ ආයතන එතකොට එවැනි අයාතනවල මූල්‍ය පාලනය සහ පරිපාලනය බිඳවැටීම් පිළිබඳව බරපතල චෝදනා ඔබතුමාට තියෙනවා. ප්‍රබල බරපතල චෝදනාවක් තමයි ඔබතුමාගේ බිරිඳ පෞද්ගලික ලේකම් විදිහට මේ විවිධ පත්කිරීම් වලට මැදිහත් වෙනවයි කියන එක. වයසක අයව මෙහි කළමණාකාරිත්වයට පත්කරනවායි කියන එක. බන්දු සේන මහත්තයව වයස අවුරුදු 71දී තමයි...

(විජිත හේරත් මන්ත්‍රීවරයාගේ කතාවට බාධා)

රාජිත් සේනාරත්න: ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ඉහළ මට්ටමේ ඉඳලා... මේකේ chairman ඒක තමයි  උපදේශක කියලා දාලා තියෙන්නේ.

විජිත් හේරත්: වයස කීයද ?

රාජිත් සේනාරත්න : උපදේශකවරුන්ට වයසක් නැහැ.

විජිත් හේරත්: ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ ඕන තරම් නිලධාරීන් ඉන්නවා. ඊට පස්සේ සාමාන්‍යාධිකාරිවරයා අබේසේකරත් 60 පැනලා තියෙන්නේ. එතකොට ධීවර සංස්ථාවේ අලාභය පාඩුව මේ වගේ වෙන්නේ වැඩ බැරි මහත්වරුන්ව පත් කළාම තමයි. මේ දේශපාලන මැදිහත්වීම් ඇතුළේ ඔබතුමාලා පොරොන්දු වුණා කොළඹ මාර්කට් එකේ හිටපු වෙළෙන්දන්ට ඉතා පැහැදිලිව පෑලියගොඩ මාර්කට් එකේ කඩයක් දෙනවයි කියලා. අද වෙනකන් අවුරුදු දෙකක් ගිහිල්ලා තියෙනවා. සමහරක් අයට හම්බවෙලා නැහැ.

මෙම උණසුම් සංවාදය සහ ඊයේ දිනයේදි පාර්ලිමේන්තුව තුළ සිදුවූ අනෙකුත් සංවාද නැරඹීම සඳහා පහත ඇති වීඩියෝව බලන්න.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්






Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top