ලොව සුප්‍රකට ධන කුවේරයෙක් වන දුම්කොළ සමාගමක හිමිකරු, ඕස්ට්‍රේලියාවේ Travers Beynon තම සුරූපී පෙවතියන්ගේ පිටුපස තම ව්‍යාපාරයේ සන්නාමයක් වන FREE CHOICE නමැති වචන දෙක පච්ච කොටා සන්නාමය ප්‍රවර්ධනය කිරීම ආරම්භ කර තිබෙනවා.
මේ ක්‍රියාවට ලොව දස දෙසින් දැඩි විරෝධයක් පලවෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
සිය අලුත්ම පෙම්වතිය වන Krystal Kime ගේද මෙලෙස FREE CHOICE යන පච්චය කොට ඇති අයුරු මාධ්‍යට අනාවරණය වී තිබෙනවා.
පෙම්වතියන් රැසක් සමග සල්ලාල දිවියක් ගෙවන Travers Beynon සිය බිරිඳ ඉදිරියේ වෙනත් කාන්තාවන් සමග විනෝද වන අයුරුද දක්නට ලැබෙනවා.
ඔහුගේ පෙම්වතියන්ගේ එලෙස ගැසූ පච්ච ප්‍රසිද්ධියේ පෙන්වීමටද ඔහු පසුබට වන්නේ නැහැ.
ඇතැම් තරුණයින්ද මෙම පච්චය කොටාගෙන සිටින බවත් සඳහන්.