ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීම පිලිබඳව ඉක්මනින්ම තීරණයක් ගන්නා බව ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසනවා.
ඔහු මේ අදහස් පලකලේ ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන අයිස් ක්‍රිකට් තරගාවලියට සහභාගිවීමට ගොස් සිටියදී මාධ්‍යවේදීන් නැගු පැනයකට පිළිතුරු දෙමින්.
එහිදී අදහස් දැක්වූ මාලිංග,
"මානසිකව මම දැන් ක්‍රිකට් ක්‍රීඩා කිරීමෙන් ඈත්වෙමින් ඉන්නවා, මම හිතන්නේ නෑ තවත් මට ජාත්‍යන්තර ක්‍රිකට් සෙල්ලම් කරන්න පුළුවන් කියලා. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීම ප්‍රකාශ කිරීම ගැන දැන් මම සැලසුම් කරමිනුයි ඉන්නේ. මම තාම මේ ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කියල නෑ. ලංකාවට ගිහිල්ල දේශීය තරග සෙල්ලම් කරලා මගේ ශාරීරික යෝග්‍යතාව බලනවා. දැන් මගේ IPL ක්‍රීඩා දිවිය නිමා වෙලා තියෙන්නේ. මම දැන් උපදේශකයෙක් විදියට අලුත් ආරම්භයක් ලබාගත්තා. මම අායෙමත් ජාත්‍යන්තර තරග වලදී දකින්න ලැබෙන එකක් නෑ."
ලෙස මාලිංග සිය සමුගැනීම ගැන තහවුරු කර සිටියා.
