විශ්ව ප්‍රනාන්දු කියන්නේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට එකතු වූ නවක වේග පන්දු යවන්නෙක්. ශ්‍රී ලංකා සංචිතයේ සිටින ඔහු වසර අවසානයේ උතුම් ක්‍රියාවක් කර තිබෙනවා. ඒ පිළිබද සංවේදී සටහනක් මෙසේ මුහුණු පොත ඔස්සේ හුවමාරු වෙමින් තිබෙනවා. මේ ඒ සටහනයි.
හොඳට බලන්න පින්තූරෙ ඉන්න කෙනා අඳුරනවද කියලා,
මේ ඉන්නෙ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවක වේග පන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු.
විශ්ව පසුගිය ඉන්දීය සංචාරය නිම කරමින් ලංකාවට ආවෙ හරියටම පසුගිය දෙසැ 25 දින. “Soul Mate “ කණ්ඩායමේ අනෝජ් අයියා විශ්වට දුරකථන ඇමතුමක් ගත්තෙ 26 දවල් 1ට පමණ.
අනෝජ් - මල්ලි මොරටුවේ පුංචි දරැවෙක් ඉන්නවා accident 1කින් එයාගෙ එක කකුලක් දෙකටම කැඩිලා, දෙමව්පියො ගොඩක් අසරණයි. අපිට රෝද පුටුවක් ගන්න පොඩි උදව්වක් හොයල දෙන්න පුලුවන්ද.?
විශ්ව- අයියා, ඔයා කෙහෙද ඉන්නෙ, මං එන්නද දැන් ඔයා ඉන්න තැනට.
පැයක් යන්නටත් මත්තෙන් අනෝජ් අයියා මුණ ගැසුණු මේ සංවේදී සොහොයුරා එම අවස්ථාවේදීම එම දරැවාට අවශ්‍ය හොඳම රෝද පුටුවද මිලදීගෙන නිවසටම ගොසින් එය ලබා දීමට තරම් කාරැණික වුණා. ශ්‍රී ලංකානු ක්‍රිකට් ක්‍රීඩකයෙක් තම දුගී නිවසටම පැමිණ සිදු කළ මේ සත් ක්‍රියාව සැබ වින්ම එම පවුලේ සියලු දෙනාගේම සිහින සැබෑ කර වීමක් වුණා
ඉතා පුංචිම තැනින්, ජීවිතය පටන් ගෙන, කට්ට කියන දේ උපරිම කාලා, වඩු වැඩ කරල තාත්ත හම්බකරන සොච්චමෙන් අමාරැවෙන් ක්‍රිකට් බඩු ටික අරගෙන practice ගිහින් අද කොහොම හරි ජාතික කණ්ඩායම දක්වා යන්න තරම් වාසනා වන්ත උනු මේ උතුම් හදවතක් ඇති පුංචි මිනිසා සිදුකළ මේ ක්‍රියාව අපි හැමෝටම ලොකු ආදර්ශයක්.
