Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
08
"එතැන තිබුණු කොන්ක්‍රීට්‌ බැම්මක්‌ මතටයි උන්වහන්සේ වැටිලා තිබුණේ.." බෙල්ලන්විල හිමියන්ගේ පෞද්ගලික ලේකම් කියයි

- "එතැන තිබුණු කොන්ක්‍රීට්‌ බැම්මක්‌ මතටයි උන්වහන්සේ වැටිලා තිබුණේ.." බෙල්ලන්විල හිමියන්ගේ පෞද්ගලික ලේකම් කියයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13 Views

"ඇතා උන්වහන්සේට දණ ගහලා වැඳලයි කෑම කන්නේ.."

"සැත්කම ඉක්‌මනට කරගෙන හොඳ වෙන්න ඕන කියලත් කිව්වා.."

"ඒ නිසයි උන්වහන්සේව පුද්ගලික රෝහලකට ගෙන ගියේ.."

අපේ නායක හාමුදුරුවෝ "මියන් කුමාර්" කියන මේ ඇතාට හරිම ආදරෙයි. ඇතත් උන්වහන්සේට ඒ වගේම පුදුම ගෞරවයක්‌ දැක්‌වූවේ. ඇතා උන් වහන්සේට ගැහුවා නොවෙයි. හාමුදුරුවෝ ඇතාට පලතුරු කවන කොට පය ලිස්‌සලා කොන්ක්‍රීට්‌ බැම්මක්‌ මත වැටිලයි උන්වහන්සේ අනතුරට ලක්‌ වුණේ." යෑයි අපවත් වී වදාළ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමිපාණන්ගේ පෞද්ගලික ලේකම් ලසන්ත රත්නායක සදහන් කරනවා


අපවත් වී වදාළ බෙල්ලන්විල රාජමහා විහාරාධිකාරී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමිපාණන්ට සිදු වූයේ කුමක්‌ද යන්න බෙල්ලන්විල රාජමහා විහාරස්‌ථානයේදී විමසූ අවස්‌ථාවේ ඔහු එසේ කියා සිටිනවා.

තවදුරටත් කතා කළ අනුනාහිමිපාණන්ගේ පෞද්ගලික ලේකම්වරයා කියන්නේ,

"අපේ හාමුදුරුවෝ මේ මියන් කුමාර්" ඇතාට හැමදාම කෑම දෙනවා. උන්වහන්සේට දණ ගහලා වැඳලයි කෑම කන්නේ. ඇත් ගොව්වා හාමුදුරුවෝ වැඩ සිටින ආවාස ගොඩනැඟිල්ල පැත්තට රැගෙන ආවාම අපේ හාමුදුරුවෝ පලතුරු කවනවා.

"නමුත් මේ සිද්ධිය වුණු පෙබරවාරි 02 වැනිදා මේ ඇතා බලා ගන්න හිටපු ඇත්ගොව්වා නිවාඩු. එයා ගෙදර ගිහිල්ලයි හිටියේ. මේ නිසා හාමුදුරුවෝ තනියෙන්ම ඇතා හිටපු තැනට ගියා. එතකොට වෙලාව උදේ 9.00 ට ඇති. හාමුදුරුවෝ තනියෙන්ම ඇතාට පලතුරු කවමින් ඉඳලා තිබෙනවා. ඒ පලතුරු කවනකොට හාමුදුරුවෝ පය ලිස්‌සලා බිම වැටිලා තිබෙනවා. එතැන තිබුණු කොන්ක්‍රීට්‌ බැම්මක්‌ මතටයි උන්වහන්සේ වැටිලා තිබුණේ. මේ සිද්ධියත් සමඟ ඇතා බයවෙලා පස්‌සට ගිහින් තිබෙනවා.

"ඇතා හාමුදුරුවන්ට ගැහුවා නෙමෙයි. ඇතා ගැහුවා නම් හාමුදුරුවන්ව පාගනවා විතරක්‌ නොවෙයි එහෙනං එතැනට කාටවත් එන්න දෙන්නෙත් නැහැ. හාමුදුරුවෝ වැටුණු බව මට ආරංචි වීමත් සමඟ මා එතැනට ගියා. පස්‌සේ මම උන්වහන්සේව කළුබෝවිල මහ රෝහලට අරන් ගියා. රෝහලට අරන් යන කොටත් අපේ හාමුදුරුවෝ කිව්වේ ඇතාට කෑම කවද්දී පය ලිස්‌සලා වැටුණා කියලයි. රෝහලේ වෛද්‍යවරුන් කිව්වෙත් හාමුදුරුවන්ගේ ඉලඇටලට හානි වෙලා තිබෙනවා කියලයි. හාමුදුරුවන් හොඳ සිහියෙන් සිටියා. කතා කළා. ඉදිරියේ විදේශ රටවල හාමුදුරුවන්ට පවත්වන්නට තිබෙන දේශන නිසා මේ සැත්කම ඉක්‌මනට කරගෙන හොඳ වෙන්න ඕන කියලත් කිව්වා. එයට යැමට අවශ්‍ය ගුවන් ටිකට්‌පත් මිලදී ගන්න ඕන කියලත් උන්වහන්සේ මට කිව්වා.

"අන්න ඒ නිසයි උන්වහන්සේව කළුබෝවිල රෝහලේ ඉඳලා නාරාහේන්පිට පුද්ගලික රෝහලකට රැගෙන ගියේ. උන් වහන්සේට පැය 10 ක සැත්කමක්‌ එම රෝහලේදී සිදු කළා. සැත්කම සාර්ථකයි කියලත් වෛද්‍යවරු කිව්වා. පෙබරවාරි 03 වැනිදා උදේ 6.00 වෙන කොට සැත්කම කරලා තිබුණා. නමුත් උදේ 10.30 ට විතර හාමුදුරුවන්ට හාට්‌ ඇටෑක්‌ එකක්‌ ඇවිල්ලයි උන්වහන්සේ අපවත් වුණේ.


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top