Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
12
එක වේලකින් දවස ගෙවා ජීවිතය ජයගන්න හදන අයියයි මල්ලී

- එක වේලකින් දවස ගෙවා ජීවිතය ජයගන්න හදන අයියයි මල්ලීHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

18,009 Views
අම්මයි තාත්තයි නැතිව මේ ලෝකේ තනිවෙන්න වුනොත් ඔයාට මොනවා හිතෙයිද ?  කාගේ පිහිටක් ද ? කවුරු අපිව බලාගන්නද ? ලෝකෙටම ඇහෙන්න හයියෙන් කෑ ගහලා අඬනවා ඇරෙන්න අපිට වෙන කරන්න දෙයක් නැතිවෙයි. ඒත් තමන්ව මේ ලෝකෙට බිහිකරපු අම්මවයි තාත්තවයි නැතිව පැල්පතක ජීවත් වෙන සහෝදරයන් දෙදෙනකු පිළිබඳ පුවතක් කඩවතින් වාර්තා වෙනවා.


නාවුල කඩවත ඇලගමුව මහා විදුහලේ ඉගෙනුම ලබන මේ අයියා සහ මල්ලී තනිවම කුඩා පැල්පතක ජීවත් වෙමින් සිය අධ්‍යාපන කටයුතුද අසීරුවෙන් කර ගනිමින් සිටීම කාගේත් ඇස් වලට කඳුලු උනන දුක්බර සිදුවීමක්.

චාමර අජිත් කුමාර 13 වැනි වසරේ උසස්පෙළ විභාගයට ඉගෙන ගන්නා අතර චමල් අරුණ මෙවර දෙසැම්බරයේදී සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතය. සහෝදරයන්ගෙන් පළමු දරුවා ඉපදී දින 15ක් ගත වෙද්දී ඔවුන්ගේ මව අවාසනාවත ලෙස මිය ගොස් ඇත.

පසුව මිත්තනියගේ සෙවණේ හැදුනු මේ දරුවන් දෙදෙනාගේ පියාද වෙනත් ප්‍රදේශයක ජීවත් වෙයි . මේ වන විට මිත්තනිය අංශ බාග රෝගයට ගොදුරු වී ඇත. සිය බාප්පා තමන් දෙදෙනාට තනිවම ජීවත් වීමට කියූ පසුව ඔවුන් තනිවම ජීවිතයට මුහුණ දීම අරඹා තිබේ.

සහෝදරයන්ට ඉගෙනීම කෙරෙහි ඇති ඇල්ම නිසාම මේ දෙදෙනා පාසල අසලින් කුඩා නිවසක් තනාගෙන නිවාඩු දිනවල කුළී වැඩ කරමින් ජීවිතය හා සටන් කරති.

මෙම දරුවන් සානුකම්පිත වන ඔබ ඔවුන්ට සහය දක්වන්නේ නම් දරුවන්ගේ පාසලේ විදුහල්පතිවරයා 0770867636 අංකයෙන් හෝ  0773416157 අංකයෙන් කාංචන ඇමතිය හැකිය.










Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top