Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
19
"මගේ ජීවිතේ පෞද්ගලික හේතු නිසා එක්‌ එක්‌ අවස්‌ථාවලදී මට කලාවෙන් ඈත්වෙන්න වුණා" - වත්සලා දියලගොඩ - Photos

- "මගේ ජීවිතේ පෞද්ගලික හේතු නිසා එක්‌ එක්‌ අවස්‌ථාවලදී මට කලාවෙන් ඈත්වෙන්න වුණා" - වත්සලා දියලගොඩ - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

28 Views
"ලබන අවුරුද්දේ ඉඳන් දිගටම බලාගන්න පුළුවන් වෙයි"

"අපි දෙන්නම එක වගෙයි. කට හඬත් එහෙමයි"

"එහෙම වෙන්නෙ නෑ කියන විශ්වාසය මගේ හිතේ තියෙනවා"

වත්සලා දියලගොඩ කියන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්‌. මවු පදවිය නිසා ඇය කාලයක් රංගනයෙන් ඈත් වෙලා හිටියා.

නමුත් ඇය නැවතත් රංගනයට යෙමුවෙලා කියලයි ආරංචිය.

ඇගේ නවතම තොරතුරු ගැනත් , ඇය රඟපෑ නවතම ටෙළිනාට්‍යයක් ගැනත් සති අන්ත පුවත්පතක සංවාදයකට එක්වෙමින් ඇය පවසා තිබුනා.
එම සංවාදය පහතින්

වත්සලා සනීපෙන් සතුටින්ද ?
ඔව් සනීපෙන් හොඳින් සතුටෙන් ඉන්නවා.

මොකද කරන්නෙ මේ දවස්‌වල?
මේ දවස්‌වල නම් ටිකක්‌ කාර්ය බහුලයි වැඩත් එක්‌ක. ඉතිං ඒ වැඩත් එක්‌ක තමයි ඉන්නෙ මේ ටිකේ.

මොනවද එච්චර වැඩ ?
ටෙලිනාට්‍යයක රූපගත කිරීම් අවසන් කළා. තවත් එකක්‌ භාරගත්තෙ නැහැ තවම. ඒ වගේම මගේ පෞද්ගලික වැඩ සහ වැඩසටහන්, වෙළෙඳ දැන්වීම් වගේ වැඩ ගොඩාක්‌ තියෙනවා. ඒ නිසා ටිකක්‌ කාර්යබහුලයි.

වැඩිය පේන්නෙ නැතිවෙන්න හේතුව ?
ඔව් වැඩිය පේන්න හිටියෙ නැතුව මම ලොකු විවේකයක්‌ ගත්තා මගේ දරුවා වෙනුවෙන්. ඒ හින්දා රඟපෑමෙන් මම ඈත්වෙලා හිටියේ. ඒත් දැන් මගේ දරුවා ලොකුයි. දැන් වැඩ කරන්න පුළුවන්. වැඩ පටන් ගත්තෙ ඒ නිසා. බලමු ඉතිං ලබන අවුරුද්දේ ඉඳන් දිගටම බලාගන්න පුළුවන් වෙයි.

නංගි ක්‌ෂේත්‍රයට ආපු එක වත්සලාට පාඩුයි නේද ?
ඔව් ටිකක්‌ එහෙමයි. අපි දෙන්නම එක වගෙයි. කට හඬත් එහෙමයි. මගේ ජීවිතේ පෞද්ගලික හේතු නිසා එක්‌ එක්‌ අවස්‌ථාවලදී මට කලාවෙන් ඈත්වෙන්න වුණා. ඉතිං එතකොට එයා රඟපාන්න පටන්ගත්තා. කොහොම වුණත් අපි දෙන්නම වැඩකරනවා. මේ වෙනකොටත් අපි දෙන්නම කාර්යබහුලයි.

අක්‌කා නංගි අතරෙ තරගයක්‌ නැද්ද?
අනේ නැහැ. එහෙම කිසිම තරගයක්‌ අපි දෙන්න අතරේ නැහැ. මට වැඩකරන්න පුළුවන් කාලේ මම වැඩකරනවා. නංගිට පුළුවන් කාලෙ නංගි වැඩකරනවා.

රඟපාල පුළුවන්ද දැන් ස්‌ථාවරයක්‌ ගොඩනගාගන්න ?
නැහැ. මම රඟපාලා ජීවත්වෙන්නෙ නැහැ. නමුත් මගේ වටිනාකම මට ලැබෙනවා. මගෙ මහත්තයට තියෙනවා හොඳ රැකියාවක්‌. මම ජීවත්වෙන්නෙ ඔහුගෙන්. රඟපෑවෙ නැහැ කියල මට ඒක දැනෙන එකක්‌ නැතිවෙයි. මේක මම කරන්නෙ මගේ ආත්ම තෘප්තිය සඳහා. මගේ ස්‌ථාවරය මගෙ මහත්තය. නමුත් එහෙම කලාවෙන් ඉන්න කෙනෙක්‌ට නම් අමාරුයි දැන් ස්‌ථාවරයක්‌ ඒ තුළින් ගොඩනගාගන්න.

සැමියාගෙන් ඔබට ලැබෙන දායකත්වය ?
ඔහුගෙන් ලොකු සහයෝගයක්‌ අපට ලැබෙනවා. බබාගෙ වැඩ, ගෙදර වැඩ, කලා කටයුතුවලට ඔහුගෙන් මට ලැබෙන්නේ විශාල සහයෝගයක්‌. ඒ වගේම මහත්තයගේ අම්ම සහ මගේ අම්මා තුන්දෙනාම මට ලොකු ශක්‌තියක්‌ වෙනවා මගේ ළඟ ඉඳගෙන.

ක්‌ෂේත්‍රය ගැන කලකිරීමක්‌ තියෙනවද හිතේ ?
එහෙම කලකිරීමක්‌ නෑ. අපි හැමදාම කලාවෙ රැඳී ඉන්නෙ නැහැ. අපි ලබාගත් හොඳ රැකගෙන ඉදිරියට යාමයි වැදගත්. නිකං රැල්ලට ගිහිල්ලා විනාශ වෙනවාට වැඩිය පොඩි දෙයක්‌ හරි කරගෙන ඉන්න එක ඉතා වැදගත් දෙයක්‌.

දක්‌ෂතම නිළිය සම්මානය ඒ කියන්නෙ හීනයක්‌ විතරද ?
එහෙම නෑ. ඒ සම්මානෙ බලාගෙන මම රඟපාලා නැහැ. හොඳ චරිතයක්‌ ලැබුණොත් කරනවා. සම්මානය දෙන්න වටිනවා නම් ඒ දේ ලැබෙයි.

වත්සලා එකම රාමුවකට කොටුවෙලා රඟපානව කියල හිතෙන්නෙ නැද්ද ?
ඔව් ඒක මටත් දැනෙනවා. ඒත් මට ලැබෙන්නේ ඒ වගේ චරිත. මගේ පෙනුමත් ඒකට බලපානවා ඇති. නමුත් ආසාවෙන් ඉන්නවා වෙනස්‌ විදිහේ චරිත කරන්න. ලැබුණොත් අනිවාර්යයෙන් කරනවා.
 
කොහොමද ප්‍රේක්‌ෂක ප්‍රතිචාර ?
ඒ දේ තමයි වටින්නේ රංගන ශිල්පීන් විදියට. එදා වගේම අදත් ඒ ආදරේ ඒ විදියටම මට ජනතාවගෙන් ලැබෙනවා.

කරපු චරිත අතරින් තාමත් ජනප්‍රියම චරිතය?
මුතු කිරිල්ලි චරිතය තමයි අදටත් මිනිස්‌සුන්ට මතකෙ තියෙන්නෙ.

කාලයක්‌ යද්දි මිනිස්‌සුන්ට වත්සලා අමතක වෙයිද ?
එහෙම වෙන එකක්‌ නැහැ. එහෙම වෙනව නම් මේ වෙනකොට එහෙම වෙන්න ඕන. නමුත් එහෙම වෙන්නෙ නෑ කියන විශ්වාසය මගේ හිතේ තියෙනවා.

වත්සලා කියන්නෙ ආඩම්බර කෙනෙක්‌ද?
ඔව් ටිකක්‌ මම ආඩම්බර කෙනෙක්‌. ඒක හැම කෙනෙක්‌ ළඟම තියෙන දෙයක්‌. මාත් එක්‌ක ඉන්න අය දන්නවා මම කොයි වගේ කෙනෙක්‌ද කියල. නමුත් මම සුහදශීලීයි. ප්‍රේක්‌ෂකයා තමයි මම කොයි වගේද කියලා දන්නේ.

ප්‍රේක්‌ෂකයාට මොනවද කියන්න තියෙන්නෙ ?
මේ හිටිය වගේ මාත් එක්‌ක ඉදිරියටත් ඉන්න කියල තමයි කියන්නෙ ඉතිං.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top