පසුගියදා රාජාංගණයේ යාය 15 ප්‍රදේශයේදී අතුරුදන් වී ඇති බවට දෙමාපියන් පැමිණිල කල පිරිමි ළමුන් තිදෙනා ඊයේ දිනයේ නැවත රාජාංගණය වෙත පැමිණ ඇති බවට වාර්තා වේ. ඔවුන් පොලීසිය විසින් නැවත දෙමාපියන්ට බාරදී ඇත.
පාසල් යන බව පවසා මෙලෙස නිවෙස්වලින් බැහැරව ගොස් සිටියේ 14වන වියේ පසු වූ ළමුන් දෙදෙනෙකු සහ 12වන වියේ පසුවූ පිරිමි ළමයෙකි.
ඒ අතරින් දෙදෙනෙක් එකම පවුලේ සහෝදරයින් බවටද වාර්තා වේ.
කෙසේ වෙතත් මොවුන් රැකියාවක් සොයා ගැනීමේ අරමුණින් රාජාංගණයේ සිට පාපැදිවලින් කොළඹ බලා පිටත්ව ඇත. කොළඹට පැමිණිමට පෙර රාජාංගණය ප්‍රදේශයේ කෙසෙල් වත්තකින් කෙසෙල් කැන් 3ක්ද කපා ඇලෙවි කර ඇති මොවුන් ඉන් පසුව ගමන පිටත්ව ඇත.
ඒ එන මඟ අතරතුර පුත්තලමේ වී ගබඩාවකද සේවය කර මොවුන් රුපියල් 500ක පමණ මුදලක්ද සොයාගෙන ඇත. ඔවුන් රාත්‍රිය ගතකර ඇත්තේ පුත්තලම ප්‍රදේශයේ ළදරු පාසලක බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.
එසේ සිටියදී 12 හැවිරිදි සිසුවා මව බැලීමට යා යුතුයැයි අනෙත් දෙදෙනාට ඇවිටිලි කර ඇති අතර එම නිසා මොවුන් නැවත නිවස බලා පැමිණ ඇත.