මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ 12 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි භාතිය ඒකනායක නැමැති සිසුවෙකු පසුගියදා හදිසියේ මිය ගොස් තිබුණා.
ඒ ලේ කැටියක් හිරවීම නිසා බවයි දැනගනන්නට ලැබෙන්නේ.
මියයන විට ඔහු 18 වැනි වියෙහි පසුව තිබුණා.
ඔහු මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ රග්බි කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙකුද වනවා.
කෙසේ වෙතත් භාතියගේ අවමඟුල් කටයුතු සිදු වූ දා අපූරු සිදුවීමක් දැකගන්නට ලැබුණා.
ඒ කොළඹ ඉසිපතන විද්‍යාලයේ රග්බි කණ්ඩායමේ ක්‍රීඩකයින් ත්‍රිත්ව ක්‍රීඩකයන් හා එක්ව මියගිය සහෝදරයාගේ දේහය උර මතින් ඔසවාගෙන සුසාන භූමියට පැමිණීමයි.
ක්‍රීඩාවට හිතැති බොහෝ දෙනෙකු පැවසුවේ ක්‍රීඩා පිටියේදී විරුද්ධවාදින් වුවද ඉසිපතන ක්‍රීඩකයන් මෙම අවස්ථාවේ දැක්වූ මහත්මා ගතිය බොහෝ දෙනෙකුට ආදර්ශයක් බවයි.