හැට හැත්තෑව දශකය කියන්නේ සිංහල සිනමා වංශ කතාවේ පෙරළිකාර කාලවකවානුවක්.මේ කාලයේදී රිදී තිරයට හයියක් වුණු නළුවෙක් හිටියේය. ඔහු ගාමිණි ෆොන්සේකා නම් විය .සෙම්බුගේ ගාමිණී ෂෙල්ටන් ෆොන්සේකා නමින් වර්ෂ 1936 මාර්තු 21 දා දෙහිවලදී උපත ලැබූ ඔහු සිනමා කාචයට සරිලනම රූපය බවට පත් විය. බාල තරුණ මහළු හැමෝම ආදරය කළ මේ අසහාය කලාකරුවා මිය ගිහින් අදට හරියටම වර්ෂ 16ක් සපිරේ.මිය යන විට ඔහුගේ වයස අවුරුදු 68 කි.සිනමාවට හිස්තැනක් තබමින් නොගිය ඔහු රිදී තිරයේ පෞරුෂය කිව්වොත් නිවැරදිය.
2004 වසරේ සැප්තැම්බර් 30 වැනිදින ඔහු අවසන් හුස්ම පොද වාතලයට එකතු කර නික්ම ගියේ සුන්දර මිනිසෙක් ලෙස මතකය ඉතිරි කරලයි. චිත්‍රපට අධ්යක්ෂවරයෙක්. නිෂ්පාදකවරයෙක් ගී පද රචකයෙක් වගේම චිත්‍ර ශිල්පියෙක් වුණු මොහු ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයයෙන් අධ්‍යාපනය හැදෑරුවේය.පසුව ආචාර්ය ලෙස්ටර් ඡේම්ස් පීරිස්ගේ චිත්‍රපටවල තාක්ෂණික ශිල්පියකු ලෙස දායක වෙමින් සිය කලාජිවිතය ආරම්භ කළේය. ඔහුගේ රූපකාය නිසාම ආචාර්ය ලෙස්ටර්යන් ඔහු විසින් අධ්‍යක්ෂණය කළ "රේඛාව" චිත්‍රපටයේ සමූහ දර්ශනයකට ඔහුට අවස්ථාව ලබා දුන්නේය.ඉන් ආරම්භ කළ රංගනය සිනමා කෘති බොහොමයක ප්‍රධාන නළුවා ලෙසින් අත්පත්කරගන්නට ඔහු සමතෙක් විය.
දෛවොපගත සිදු වීමක් වෙමින් වර්ෂ 1959 දී ඔහු "දෛවයෝගය" චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවේය. එමෙන්ම වර්ෂ 1960දී ලෙස්ටර්ගේ 'සංදේශය'' චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟපාන්නටද ඔහු වාසනාවන්ත වන්නේය.වාණිජ මෙන්ම කලාත්මක සිනමා කෘති සදහාත් ඔහුට චරිත ලියන්නට තිරපිටපත් රචකයින් සමත් වූ අතර ඔහු රගපෑ චණ්ඩියා, සූර චෞරයා චිත්‍රපටි අතිශයින් ජනප්‍රිය විය. එපමණක් නොව නිධානය චිත්‍රපටියට ඔහු නිධානයක්ම විය.පරසතුමල්, සාගරයක් මැද, වැලිකතර, සරුංගලේ ඇතුළු සිනමාපට සියයකට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායක වූ ගාමිණි බොහෝ සිනමාපට බොක්ස් වාර්තා තබන්නටත් සමත් විය.
රංගනයෙන් ලද හසල දැණුම හා පුර්ණ පළපුරුද්ද ඔහුව චිත්‍රපට අධ්යක්ෂවරයෙක් කළේය. "පරසතුමල්", "උතුමාණෙනි", මයුරිගේ කතාව, සාගරයක් මැද, කොටි වලිගය, අන්තිම රැය, නොමියෙන මිනිසුන් ඇතුළු චිත්‍රපට දහයකට ආසන්න සංඛ්‍යාවක් ඔහු අධ්‍යක්ෂණය කළේය. එමෙන්ම වර්ෂ 1998 ඔහුගේ රංගනයට "අන්තිම රැය" විය. අන්තිම රැය සිනමා පටයෙන් ඔහු රගපෑම අත්හරියත් නිෂ්පාදකවරයෙක් ලෙස ලාංකීය සිනමාවට සිනමාපට බිහි කරන්නට උදව්වක් වුණා කිව්වාට වරදක් නැත. එතරම්ම ඔහුගේ ජිවිතේ කාලය කැප කළේ සිනමාවටය.
"ගම්පෙරළිය" ට සිය රංගන කුසලතා උපරිමයෙන් දැක්වීම හේතුවෙන් ඔහු ඊට හොදම නළුවා වගේම ජනප්‍රිය නළුවාද වෙමින් සම්මානද ලබා ගත්තේය. ගාමිණීගේ රංගනයේ හැරවුම් ලක්ෂය එය වෙමින් ප්‍රථම සම්මානය ගම්පෙරළියේ චරිතයට ගත්ඔහු එතැනින්නැවතුනේද නැත. ඔහුගේ රගපෑම් ඇගයීමට නිරන්තරයෙන්ම ලක් විය.