Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
03
කල කම් පල දේ කැටයම් චින්තකත් මරු තුරුලේ

- කල කම් පල දේ කැටයම් චින්තකත් මරු තුරුලේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,032 Views

කඹුරුපිටියේ පොලිස් කොස්තාපල්වරයෙකු සහ ඔහුගේ බිරිද ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු චින්තක වසන්ත නොහොත් කැටයම් චින්තක පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ ඊයේ (02) ඇති වූ ගැටුමකදී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා කඹුරුපිටිය - නයිගල ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදීයි මෙම ගැටුම ඇති වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ. මෙහිදී කැටයම් චින්තක විසින් බෝම්බ ප්‍රහාරයක් ද විශේෂ කාර්ය බලකා සෙබලූන් වෙත එල්ල කර තිබෙනවා. පසුව බෝම්බ ප්‍රහාරය එල්ල වූ දෙසට විශේෂ කාර්ය බලකා සෙබලූන් ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, අනතුරුව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී කැටයම් චින්තකගේ මළ සිරුර සොයා ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ. සිද්ධියෙන් තුවාල ලැබූ විශේෂ කාර්ය බලකා පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු ද ප්‍රතිකාර සඳහා කඹුරුපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මාතර - කොට්ඨාශ දූෂණ විමර්ශන අංශයට අනුයුක්තව සේවය කළ 33 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකු සහ ඔහුගේ බිරිඳ නිවස තුලදී ඝාතනය කෙරුණේ පසුගිය 17 වැනිදා රාත්‍රියේයි. මෙම සිද්ධියේදී නිවසේ සිටි අවුරුදු දෙක හමාරක් වයසැති කොස්තාපල්වරයාගේ දියණියට ද අපරාධකරුවන් තුවාල සිදුකළ අතර, අවුරුදු 6ක් වයසැති පිරිමි දරුවා නිවසින් පළා ගොස් දිවි ගලවා ගත්තා.

මෙම ඝාතනයේ තවත් සැකකරුවන් දෙදෙනෙකු පසුගිය නොවැම්බර් 26 වන දා හක්මන - දෙනගම වැවට පැනීම නිසා රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වුණා. මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ආයුධ සඟවා තිබූ ස්ථානයකට පොලිස් නිලධාරින් විසින් රැගෙන යමින් සිටියදී දෙනගම වැවට පැන පලායාමට උත්සාහ කිරීමේදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. ඝාතන සිද්ධියේ දෙවන සැකකරු පසුගිය 22 වැනිදා පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වුණා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top