Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
05
කාන්තා ඇඳුමින් සැරසී දඹුල්ල නගරයේ රාත්‍රියේ සැරි සැරූ 'සනත්'ව අමානුෂිකව ඝාතනය කරලා - Photos

- කාන්තා ඇඳුමින් සැරසී දඹුල්ල නගරයේ රාත්‍රියේ සැරි සැරූ 'සනත්'ව අමානුෂිකව ඝාතනය කරලා - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

38 Views
ලී දඬු සහ කුඩයක් අත් ඔරලෝසුවක් මියගිය ස්ථානයේ...

අලුයම 3ට සහෝදරියට කතාකරලා සනත්ව මැරූ බව කියලා...

දඹුල්ල නගර මධ්‍යයේ පිහිටි කුලී රථ  නැවතුම්පළ ස්ථානයේ තිබී ඝාතනය කරන ලද පුද්ගලයෙකුගේ මළසිරුරක් අද (5) අලුයම සොයාගෙන තිබෙනවා.

මෙම පුද්ගලයාව පොලුවලින් පහරදී ඝාතනය කර ඇති බව පොලිසිය මූලික විමර්ශනවලදී අනාවරණය කරගෙන ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ දඹුල්ල කලුන්දෑව වල්ගම් වැව ප්‍රදේශයේ පදිංචි සනත් කුමාර නමැති 34 හැවිරිදි පුද්ගලයෙකුයි.


මියගිය පුද්ගලයා නිතර නිතර දඹුල්ල නගරයේ රාත්‍රී කාලයේ කාන්තා ඇඳුමින් සැරසී සිටින බව පොලීසිය පවසනවා. ඝාතනය සිදුවන අවස්ථාවේ දී මෙම තරුණයා කාන්තා ඇඳුමට සමාන ඇඳුමක් ඇඳ සිටි බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

එම ස්ථානයේ අයකු පවසා ඇත්තේ අළුයම 2.00 ට පමණ මෙම තැනැත්තා වැටී සිටිනු දැක තවත් පිරිසක් සමග පොලීසියට දැනුම් දුන් බවයි .

දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත්  වික්‍රමරත්න මහතා ඇතුළු කණ්ඩායමක් අළුයම් කාලයේ ම මෙම ස්ථානයට පැමිණ පරීක්ෂණ ආරම්භ කර ඇති අතර ඝාතනය සිදු වූ ස්ථානයේ පුද්ගලයාට පහර දුන් බවට සැකකෙරෙන ලී දඬු මෙන්ම මෙම පුද්ගලයාගේ බවට සැකකරන කුඩයක් අත් ඔරලෝසුවක් ස්ථාන කිහිපයකම වැටී තිබියදී සොයාගෙන තිබෙනවා.

තවද ස්ථාන කිහිපයකම ලේ පැල්ලම් හමුවූ බවද පොලීසිය කියා සිටියා.

මියගිය තරුණයාගේ සහෝදරියක හඬා වැටෙමින් කියා සිටියේ මියගිය තම මල්ලිගේ දුරකථනයෙන් අලුයම තුනට පමණ පුද්ගලයෙකු තමන්ට ඇමතුමක් ලබාදී  පරුෂ වචනයෙන් බැණ තම මල්ලි ඝාතනය කළ බවට පාපොච්චාරණය කළ බවයි.එම කටහඩ හදුනා ගැනීමට නොහැකි වූ බවද ඇය පවසා තිබෙනවා .

උදෑසන රෝහල ඉදිරිපිට පැමිණි මියගිය පුද්ගලයාගේ පියා සහ ඥාතීන් හඬා වැටෙන අයුරුද  දැක ගැනීමට හැකි වුණා.

මෙම මිය ගිය පුද්ගලයා කාලයක සිටම කාන්තා ඇඳුමෙන් සැරසී රාත්‍රියේ නගර ආශිතව කාලය ගත කිරීමත් කාන්තාවන් ඇසුරු කිරීමත් සිදු කරන බවත් ඔහු ඒ ආකාරයෙන්ම හැසිරෙන තවත් කණ්ඩායම් සමග නිරන්තරයෙන් සිටින බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත.

පොලීසිය සඳහන් කළේ ඇතැම් දිනවල රාත්‍රී කාලයේ මේ ආකාරයෙන් කාන්තා ඇඳුමෙන් සැරසී සිටිය දී අත්අඩංගුවට ගෙන අධිකරණයට පවා මෙම තරුණයා ඉදිරිපත් කොට තිබුණු අයෙකු බවයි.

මෙම ඝාතනයට හේතු වූ සිද්ධිය මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඝාතනය පිළිබඳව වැදගත් තොරතුරු රැසක් මේ වන විටත් පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.

දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා කියා සිටියේ අපරාධයට සම්බන්ද  සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගැනීමට හැකිවන බවයි.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top