Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
25
මියගිය දරුවෙක් වසර 36ක් මව් කුසේ

- මියගිය දරුවෙක් වසර 36ක් මව් කුසේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

18,848 Views
මව් කුසක් තුල තිබූ වසර 36ක් පමණ පැරණි කළලයක් ඉවත් කිරීමට ඉන්දීය වෛද්‍යවරුන් පිරිසක් සමත්ව ඇති බවට වාර්තා වේ.  කන්තබායි තක්රි නම් වූ මෙම කාන්තාව 1978 දී 24 වැනි වියේ පසු වූ  අතර  එම වයසේදී ගැබ්ගත් බව දැනගත් පසු ඇය රෝහලක් වෙත ගොස් ඇත.


ඇයව පරීක්ෂාකල වෛද්‍යවරු පවස ඇත්තේ දරුවාගේ පිළිසිඳගැනීම සිදුව ඇත්තේ ගර්භාෂයෙන් පිටත බැවින් දරුවාගේ ජීවිතය පිළිබද විශ්වාස කල නොහැකි බවයි.  එයට සැත්කමක් කල යුතුයැයි වෛද්‍යවරුන් පැවසීමත් සමග ඉන් බියට පත් ඇය රෝහලෙන් පලා ගොස් ඇත.

ගාර්භාෂයෙන් පිට කළලයක් සැදී ඇති නිසා වේදනාව වැඩිවීමත් සමඟ ඇය එය සුවකරගැනීමට වේදනා නාශක භාවිතා කර ඇත. වේදනාව අඩුවීමත් සමඟ ඇය සිතා ඇත්තේ තමන් සුව වී ඇති බවයි. පිලිසිඳ ගත් දරුවාද බිහිවූයේ නැත.  කාලයක් යත්ම 60 වැනි වියට පා තැබූ ඇයට හදිසියේ ඉවසාගත නොහැකි උදරයේ වේදනාවක් ඇතිවී යළිත් රෝහලකට ඇතුලත් කර ඇත.

ඇයව පරීක්ෂාකල වෛද්‍යවරුන් පැවසුවේ ඇයගේ උදරයේ ගෙඩියක් ඇති බවත් එය පිළිකාවක් දැයි සැක කරන බවත්ය.  එසේ තිබියදී  එම්.ආර්.අයි. ස්කෑනින් පරීක්ෂණයකින් හෙලි වූයේ ළදරු ඇටසැකිල්ලක් උදරයේ ඇති බවයි. පසුව ඉන්දියාවේ නාග්පූර්හි එන්කේපී සෙල්ට් වෛද්‍ය විද්‍යා රෝහලේ දී ශල්‍යකර්මයකින් මේ කලලය ඉවත් කිරීම සිදු කෙරිණි.

ශල්‍ය වෛද්‍ය මොහොමඩ් යූනුස් ෂා පවසන්නේ මේ තත්ත්වය මීට වසර 38ට පෙර සිදුවීමේ ප්‍රතිඵලයක් බවයි. ඒ අනුව මෙය ලෝකයේ දීර්ඝතම කාලයක් ගර්භාෂයෙන් පිටත වූ කලලයක් සිරුරතුළ තබාගෙන සිටි අවස්ථාව ද වෙයි. මීට පෙර එවැනි අවස්ථාවක් වාර්තා වී ඇත්තේ බෙල්ජියමේ දී ය. ඒ වසර 18ක් පුරා කලලයක් ගර්භාෂයෙන් පිටත තබාගෙන සිටීමෙනි.







Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top