Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
01
ඊයේ තරඟයේ දරුණු පරාජයත් සමග ශ්‍රී ලංකාවට 2019 ලෝක කුසලාන සිහිනය බොඳවෙයි! - Photos

- ඊයේ තරඟයේ දරුණු පරාජයත් සමග ශ්‍රී ලංකාවට 2019 ලෝක කුසලාන සිහිනය බොඳවෙයි! - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8 Views

මේ දිනවල දිගින් දිගටම පරාජයේ ආශ්වාදය පමණක්ම භුක්ති විඳින ශ්‍රී  ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (31) තවත් දැවැන්ත පරාජයකට මුහුණ දුන්නා.
ඒ, ඉන්දියාව සමඟ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවති සිව්වන එක්දින තරගයේදී.

ඊයේ තරගයේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් විශාල සංඛ්‍යාවක් යොදවා සිටියත් ඊට සාපේක්ෂව ක්‍රීඩා ලෝලීන් පැමිණ නොසිටීමද විශේෂත්වයක් වුණා.


මෙම තරගයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 42 යි පන්දු 4 කදී සියල්ලන් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 207 ක්.
 
ඇන්ජලෝ මැතිව්ස් පමණක් සටන්කාමී ලකුණු 70 ක් රැස් කළා.

ශ්‍රී ලංකාව එම තරගය පරාජය වුණේ ලකුණු 168 කින්.
 
එය වාර්තා පොත් අතරට එක් වුණේ ශ්‍රී ලංකා කණ්ඩායමක් මව්බිමේදී ලද දැවැන්තම පරාජය ලෙසයි.
 
එමෙන්ම ඔවුන් මෙරටදී නොකඩවා ලද 6 වන එක්දින තරග පරාජයද මෙය වනවා.

මේ අතර 04 වන තරඟය ඊයේ පරාජය වීමත් සමඟ, ශ්‍රී ලංකා පිළ 2019 ලෝක කුසලාන තරඟාවලියට සෘජුව සුදුසුකම් ලැබීමට තිබූ අවස්ථාව, තහවුරු කර ගැනීමට අපොහොසත් වී තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයයි මේ බව ප්‍රකාශ කළේ.

2019 ලෝක කුසලාන තරගාවලිය සදහා යොදා ගැනෙන්නේ කණ්ඩායම් 10 ක් පමණයි.

ඒ සදහා අයි.සී.සී එක්දින දර්ශකයේ ප්‍රථම ස්ථාන අටට ඇතුළත් කණ්ඩායම් ස්වයංක්‍රීයව සුදුසුකම් ලබනවා.

ශ්‍රී ලංකාව දැනට දර්ශකයේ 8 වන ස්ථානයේ රැදී සිටින අතර 9 වන ස්ථානයේ සිටින්නේ බටහිර ඉන්දීය කොදෙව් පිලයි.

සැප්තැම්බර් 30 වනදා කාල විරාමය වනවිට ශ්‍රී ලංකාවට ලෝක කුසලාන තරගාවලි ස්ථානය තහවුරු කර ගැනීම සදහා ඉන්දියාව සමග එක්දින තරග දෙකක් හෝ ජයග්‍රහණය කළ යුතු වුණා.

එහෙත්, ඊයේ ලද පරාජය නිසා බටහිර ඉන්දීය කොදෙව් පිල එම ස්ථානය හිමිකර ගැනීමේ අවදානමක් පවතිනවා.

දැනට පවතින තත්ත්වයේදී වුව ද කොදෙව් පිල අයර්ලන්තය සමග පැවැත්වෙන එක්දින තරගය සහ එංගලන්තය සමග පැවැත්වෙන එක්දින තරග 5 ජයග්‍රහණය කළහොත් ලෝක කුසලාන තරගාවලියට නියත අවස්ථාව හිමිකර ගන්නේ කොදෙව් පිලයි.

ඉරිදා පැවැත්වෙන අවසන් එක්දින තරගයෙන් ද ශ්‍රී ලංකාව පරාජයට පත්වුවහොත් කොදෙව් පිල අයර්ලන්ත තරගය ජයග්‍රහණය කොට එංගලන්ත තරගාවලිය 4 ට එකක් ලෙස ජයග්‍රහණය කිරීම ලෝක කුසලානයට සුදුසුකම් ලැබීම සදහා ප්‍රමාණවත් වනවා.

ස්වයංක්‍රීය ලෙස තේරීමේ අවස්ථාව මග හැරුණහොත් ශ්‍රී ලංකාවට, ඇෆ්ගනිස්ථානය, අයර්ලන්තය සහ සිම්බාබ්වේ සමග ලබන වසරේ මාර්තු මාසයේ පැවැත්වෙන ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියකට සහභාගි වීමට සිදුවනවා.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top