Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
31
" තනිකඩ ජිවිතේ ගැන මට හරිම සතුටින්, විවාහ වුණා නම් මගේ බිරිඳටත් මම අද විඳින දුක විඳින්න වෙනවා.." - Photos

- " තනිකඩ ජිවිතේ ගැන මට හරිම සතුටින්, විවාහ වුණා නම් මගේ බිරිඳටත් මම අද විඳින දුක විඳින්න වෙනවා.." - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10 Views

"නිෂ්පාදකවරු මුදල් නොගෙවා ‍පොලු තියනවා.."

"යන්තම් පණ ගැටගහගෙන ජීවත් වෙනවා.."

සැනට් දික්කුඹුර කියන්නේ කලක් පුංචි තිරයට රිදී තිරයට මෙන්ම වෙළෙද දැන්වීමට නැතුවම බැරි රංගන ශිල්පියෙක්. නමුත් දැන් නම් ඔහුව දකින්න ලැබෙන්නේ ඉදහිට. ඒ වගේම ඔහු බොහෝ සෙයින් ආර්ථික අපහසුතා එක්ක ජිවත් වෙන නළුවෙක් බවට පත් වෙලා. ඔහු ඔහු ගැන මේ විදිහට පුවත්පතකට කතා කරලා තිබුණා. ඔහුට ආදරේ කරන කවුරුන් හෝ උපකාරයක් කළොත් එය ඔහුට සහනයක් වෙන නිසා මේ ලිපිය මෙසේ හිරුගොසිප් වලින් පල කරන්න හිතුවා.


දශක ගණනාවක් තිස්සේ කලා ක්‍ෂේත්‍රයේ රැඳී සිටින ඔබට වෘත්තීය නළුවකු ගෙවන ජීවිතය මොන විදිහටද දැනෙන්නේ ?
වෘත්තීය නළුවෙක් විදිහට මම බොහොම දුෂ්කර ජීවිතයක් තමයි මේ වෙනකොට ගත කරන්නේ. සමහර වෙලාවට එදාවේල හරිහම්බ කරගැනීම පවා මට අද විශාල ගැටලුවක් වෙලා.
 
රඟපෑමට අවස්ථා යහමින් ලැබෙනවා නම් අතමිට සරු නොවී තියෙන්නේ නැහැනේ. රංගනයට ලැබෙන ආරාධනා අඩු නිසාද ජීවිතය එතරම් දුෂ්කර වෙලා තියෙන්නේ.
මම කවදාවත් රඟපාන්න අවස්ථා ඉල්ලාගෙන යන කෙනෙක් නමෛයි. මා ගැන දන්නා අය අදටත් මාව නිර්මාණවලට සම්බන්ධ කර ගන්නවා. හැබැයි වැඩිපුර රඟපෑවා කියලා මට ගොඩක් සල්ලි හම්බ කරන්න බැහැ.
 
ඇයි ඒ ?
සමහර නිෂ්පාදකවරු මුදල් නොගෙවා ‍පොලු තියනවා. ඒ විදිහේ අත්දැකීම්වලට තමයි මට හුඟක්ම මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ.
 
ඒ විදිහේ දුෂ්කරතා මැද කොහොමද ජීවිතේ ගැට ගහගන්නේ ?
මට ණයට කෑම බිම දෙන කඩවල් තියෙනවා. ඒවායේ පිහිටෙන් යන්තම් පණ ගැටගහගෙන ජීවත් වෙනවා. ඉඳහිට රඟපෑමෙන් කීයක් හරි ලැබුණාම ණය ගෙවලා දානවා. ඒ විදිහට තමයි මගේ ජීවිතය ගවෛන්නේ.
 
සැනට් දික්කුඹුර කියන්නේ ගේ දොර ලස්සනට හදාගෙන සුවපහසු ජීවිතයක් ගත කරන්න ඕනෑ කියලා සිහින මවපු කෙනෙක් නමෛයිද?
ඒ වගේ හීන නැත්තේ කාටද? ඒත්, වෘත්තීය නළුවෙක් විදිහට මට ඒ හීන සැබෑ කරගන්න බැරි වුණා. අද මම ජීවත් වෙන ගෙදර කොයිවෙ‍ලේ කඩාගෙන වැටේවිද කියන්න බැහැ. ඒ ගෙදරත් මට විතරක් අයිති එකක් ‍නෙවෙයි.
 
තනි නොතනියට කවුද ළඟින්ම ඉන්නේ ?
මගේ අක්කත් එක්කයි මම ඒ ගෙදර ජීවත් වෙන්නේ. මම විවාහ වෙලා නැහැ. අක්කත් තනිකඩයි, මාත් තනිකඩයි.
 
විවාහ වෙලා දරු මල්ලෝ හිටියා නම් මේ විදිහේ දුෂ්කර ජීවිතයක් ගෙවන්න වෙන එකක් නැහැ කියලා කවදාවත් හිතුනේ නැද්ද?
අ‍පොයි නැහැ, තනිකඩව ඉන්න ගත් තීරණය ගැන මට හරිම සතුටුයි. මොකද, විවාහ වුණා නම් මගේ බිරිඳටත් මම අද විඳින දුක විඳින්න වෙනවා. විවාහ නොවන්න ගත්තු තීරණය හොඳට දුරදිග බලලා ගත් එකක්.
 
රජයෙන්වත් මේ වෙද්දී කිසිම ආධාර උපකාරයක් ලැබිලා නැද්ද?
අවුරුදු 55 පැන්නාට පස්සේ ඉල්ලුම් කළා කියලා, සංස්කෘතික අමාත්‍යාංශයෙන් කලාකරුවන්ට දෙන රුපියල් 3000 දීමනාව ගෙවීමත් ප්‍රතික්‍ෂේප කළා. සමහර ජනප්‍රිය නළු නිළියෝ ඉන්නවා, දේශපාලකයන් පස්සේ ගිහින් විවිධ වරප්‍රසාද ලබා ගන්නා. එහෙම නොකරන අපි වගේ අයට වෙන්නේ හිඟා කන්න තමයි.
 
අද වෙද්දී මේ වගේ දුෂ්කර ජීවිතයක් ගත කළාට ඔබ කලාව වෙනුවෙන් ජීවිතයේ වැඩි හරියක් කැප කරපු කලාකරුවෙක් කීවොත් නිවැරදියි නේද?
ඔව්, 1967 දී පාසල් වේදිකාවෙන් තමයි මම නාට්‍ය කලාවට පිවිසුණේ. නාට්‍යකරුවෙක් විදිහට කලා ජීවිතය ආරම්භ කරලා පසුකාලීනව මම චිත්‍රපට සහ ටෙලි නාට්‍යවලත් රඟපෑවා. ධර්මසේන පතිරාජ මහතාගේ 'අහස්ගව්ව' තමයි මම රඟපෑ චිත්‍රපට අතරින් මුලින්ම ප්‍රදර්ශනය කෙරුනේ.
 
වැඩිපුර ප්‍රසිද්ධ වුණේ නළුවෙක් විදිහට වුණත් ඔබ වේෂ නිරූපණ ශිල්පියෙක් විදිහටත් විශාල වැඩකොටසක් කරලා තියෙනවා.
ඔව්, මම වේෂ නිරූපණයෙන් දායක වුණු මුල්ම වේදිකා නාට්‍ය වුණේ ජයන්ත චන්ද්‍රසිරි වෙනුවෙන් මෝරා . මෝරා වේදිකා නාට්‍යයේ වේෂ නිරූපණය වෙනුවෙන් මට ඒ වසරේ හොඳම වේෂ නිරූපණ ශිල්පියාට හිමි රාජ්‍ය නාට්‍ය සම්මානය පවා ලැබුණා.
වේෂ නිරූපන ශිල්පියෙක් විදිහටත් මම ලැබෙන හැම අවස්ථාවකින්ම ප්‍රයෝජන ගත්තා. මාලිනී ෆොන්සේකා, ලතා වල්‍පොල, මිල්ටන් මල්ලවආරච්චි, ශ්‍රියානි අමරසේන වගේ ජනප්‍රිය චරිතත් මම වෙස් ගන්වලා තියෙනවා.
 
රජයෙන් යමක් නොලැබුණාට, ඔබ ගැන දන්නා ඔබේ රසික රසිකාවියන්ගෙන් නම් ඔබට ආධාර උපකාර ලැබෙනවා ඇති නේද?
මම සිටින තත්ත්වය දැකලා උදව් උපකාර කරන අයත් ඉන්නවා. මේ ළඟදී තරු දිරි සරණ සංවිධානයේ නායක හාමුදුරුවෝ ඇතුළු පිරිසක් ආධාර වගයක් ගෙනැවිත් දුන්නා. මම කිව්වා 'මටත් වඩා අසරණ වෙච්ච කලාකරුවන් ඉන්නවානේ මේවා ඒ අයට දෙන්න කියලා. එතකොට ඔබතුමා ජීවත් වෙන හැටි දැක්කාම ඕනෑම කෙනෙකුට උදව් කරන්න හිතෙනවා කියලා මට ඒ දේවල් දීලා ගියා. කොයි තරම් අසරණ වුණත් ඔය සමහර කලාකරුවෝ වගේ දේශපාලකයන්ට ළං වෙලා මහජනතාවගේ මුදල් අයථා විදිහට ලබා ගන්න නම් මම කැමති නැහැ.

 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top