යාපනයේ විද්‍යා දැරිය දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස අත්අඩංගුවට ගෙන සිටින මහාලිංගම් ශෂිකුමාර් හෙවත් ස්විස් කුමාර් ඊයේ (29) යාපනය මහාධිකරණයේදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ සාක්ෂි ලබාදෙනු ලැබුවා.
එම අවස්ථාවේදී ස්විස් කුමාර පවසා ඇත්තේ,
”කයිට්ස් පොලිසිය මගේ මල්ලිව අත්අඩංගුවට ගෙන යාපනයට අරගෙන ගියා…මම මල්ලි බලන්න යන අතරමගදි වේලනෙයි ප්‍රදේශයේදී මිනිස්සු මාව අල්ලගෙන මාව ලයිට් කණුවක ගැට ගැහුවා. ඊට පස්සේ පහර දුන්නා… ඒ වෙලාවේ විජයකලා මැඩම් එතනට ආවා… ඇවිත් මාව ආරක්ෂා කළා.. ඔයා ශෂීගේ අයියාද කියලා ඇහුවා. එහෙම අහලා එතන හිටපු මිනිස්සුන්ට කිව්වා මෙයාට පහරදෙන්න එපා කියලා. එහෙම කියලා විජයකලා මැඩම් පැය දෙකක් විතර එතන හිටියා. පස්සේ මගේ නෝනයි, මගේ අම්මයි එතනට ඇවිල්ලා මිනිස්සුන්ට කිව්වා මාව බේරන්න කියලා.” යනුවෙනි.
නඩු විභාගයට අදාළ පැමිණිළි පාර්ශ්වයේ හා රජයේ සාක්ෂි ලබාදීම අවසන්ව ඇති අතර, නඩුවට අදාළව විත්තිකරුවන්ගේ සාක්ෂි විමසීම පෙරේදා (28) දිනයේ සිට ආරම්භ කළා.
කයිට්ස් අධිකරණය පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කරනු ලැබුවේ විද්‍යා ඝාතන සැකකරුවන්ට පළා යාමට ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය, විජයකලා මහේශ්වරන් සහයෝගය පළකොට ඇත්දැයි යන්න සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසයි.
ස්විස් කුමාර් නමැත්තාට පළා යාමට අවසර ලබාදීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහගේ නීතිඥයින් ඉදිරිපත් කළ කරුණු දැක්වීම් මත විජයකලා මහේශ්වරන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා ප්‍රශ්න කරනු ලැබුවා.