නෙතු ප්‍රියංගිකා කියන්නේ ටෙලි නාට්‍ය හා සිනමා නිළියක්. නමුත් පසුගිය කාලයේ ඇයගේ රංගනය සිනමාවෙවත් පුංචි තිරයෙවත් වැඩිය දකින්න ලැබුණේ නැහැ. යළිත් රංගනය එක්ක එකතු වෙන ඇය ගැන පුවත්පතක ඇගේ අලුත් තොරතුරු මේ විදිහට සටහන් වෙලා තිබුණා.
නෙතූ මේ දවස්වල ලැබෙන ප්‍රතිචාර ගැන මොකද හිතන්නේ?
මම ගෙදරට ආව ගමන්ම අයියගේ ලොකු බබා මගෙන් අහන්නේ “ආ විමංසා ආලෝක නැද්ද කියලයි.” ආලෝක කියන්නේ විමංසාගේ පෙම්වතා.
ඒ වගේම තවත් ටෙලි නාට්‍යයක ප්‍රධාන චරිතෙට ආරාධනා ලැබුණා.” ඒ වගේම හොඳම නිළිය කියන මගේ ඉලක්කය, එහෙමත් නැත්නම් සිහිනය වෙත යන්න දොරටුවත් විවර වුණා කියලා හිතෙනවා.
හොඳම නිළිය වෙනවා කියන්නේ ඉතාම අසීරු කාර්යයක්. ඉතින් නෙතූ හිතනවද ඒ අභියෝගය ජයගන්න ඔබට පුළුවන් වේවි කියලා.
මම හිතනවා මට ඒ අභියෝගය ජයගන්න පුළුවන් වේවි කියලා. අනිත් අයට කොහොමද කියලා නම් මම දන්නේ නැහැ. නමුත් මගේ අරමුණ හොඳම නිළිය වීමයි. අපට නිවැරදි ඉලක්කයක් තිබුණොත් කොයි තරම් බාධා ආවත්, කැපවීම තියෙනවා නම් ඒ ඉලක්කයට යන්න පුළුවන්. මම එහෙමයි හිතන්නේ. මම රංගනය වෙනුවෙන් මම කලින් කරපු රැකියාවත් අතහැරියා. ඒ නිසා වයසට ගිහින් හරි හොඳම නිළිය වෙනවාමයි. ඒ වගේම කවුරු කිවුවත් මම රඟපෑම නම් අතහරින්නේ නැහැ.
ඔය විදියට විශාල අභියෝගයක් පසුපස යන ඔබ රංගනය පිළිබඳ විධිමත් හැදෑරීමක් කරලා තියෙනවාද?
මම රංගනය පාසලකින් හෝ අධ්‍යාපන ආයතනයකින් හදාරලා නැහැ. මම රංගනය ඉගෙන ගන්නේ මගේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් දිහා බලාගෙන ඉඳලා. ප්‍රවීණ කෙනෙක්ට මම දණ ගහලා වඳින්න වුණත් දෙපාරක් හිතන්නේ නැහැ. ඒ තරම් මම ඔවුන්ට ගරු කරනවා. මට හොඳ හැකියාවක් තිබෙනවා. ඒ වුණත් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ හැකියාවන් ගැනත් මම රංගනයේ යෙදෙන විට අධ්‍යයනය කරනවා. ඉතින් මට හිතෙනවා හොඳම නිළිය වෙත යන්න මට අපහසු වෙන එකක් නැහැ කියලා.
පුංචි තිරයේ රංගනයට පිවිසුණත් නෙතූ වැඩිපුරම කැමති සිනමාවට කියන්නේ ඇත්තද?
සහතික ඇත්ත. මම මිනිස්සු අතර ගොඩක් සමීප වුණේ සිංහාවලෝකනය, ජීවිතය ලස්සනයි වගේ චිත්‍රපට හරහා. ඒ වගේම වැඩිපුරම ලස්සන පුංචි තිරයට වඩා පුළුල් තිරයට කියලයි මට නම් හිතෙන්නේ.
සැබෑ ජීවිතයේ “නෙතූ” ඇත්තටම ආදරවන්තියක් නේද?
අපි හැමෝම ඉතින් ආදරේ කරනවානේ. නෙතූ ආදරේ කරන කෙනාත් හැමදාමත් එයාගේ හිතේ ඉන්නවා කියලා කියන්න ඕනේ. හැමදාටමත් එහෙමයි.