Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
02
පෝල් වෝකර්ගේ අවසාන දර්ශන පෙළ (සංවේදී අය මෙම දර්ශන නැරඹීමෙන් ප්‍රවේශම් වන්න)

- පෝල් වෝකර්ගේ අවසාන දර්ශන පෙළ (සංවේදී අය මෙම දර්ශන නැරඹීමෙන් ප්‍රවේශම් වන්න)Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,155 Views

ගෙවීගිය සතිඅන්තය ලෝකවාසී චිත්‍රපට ලෝලීන්ට නම් එතරම් සුභදායී සතිඅන්තයක් නොවූයේ, පෝල් වෝකර් නම් ඒ සුපිරි හොලිවුඩ් නළුවාගේ අකල් මරණය කණ වැකීමත් සමගය. යහපත් කටයුත්තක් වෙනුවෙන් මුදල් එක්රැස් කිරීමට ගොස් එන අතර තුර සිදුවූ එම අනතුරේ උණසුම තවමත් ලක්ෂ සංඛ්‍යාත චිත්‍රපට රසිකයන් මෙන්ම චිත්‍රපට ක්ෂේත්‍රයේ සියලුදෙනාගේම නෙතග කදුලින් තෙත් කරනවා.
 
ඒ අතරේ බොහෝ දෙනා උනන්දු වූයේ පෝල් වෝකර්ගේ මරණය සිදුවූ අවස්ථාවේ දර්ශන හෝ ජායාරූප දැක බලා ගැනීමටය. ලෝකයේ නන් දෙසින් ප්‍රවෘත්ති විකාශයන් හරහා මෙන්ම පුද්ගලයන් විසින් දැන් විටින් විට එම වාර්ථා අන්තර්ජාලයට මුදා හරිනු ලබනවා. මේ අප වෙත ලැබුණු පෝල් වෝකර් පිළිබදව වාර්තාවන් කිහිපයක්...



බොහෝ දෙනා උනන්දු වූයේ පෝල් වෝකර්ගේ අනතුරේ යම් සජීවී දර්ශන ඇද්දැයි දැනකියාගන්නටය. අනතුර සිදුවූ අවස්ථාවේ මෙන්ම ඉන් පසුව ගිණි නිවන හමුදාවෙන් එතැනට පැමිණ ගින්න නිවන අවස්ථාව අසල සිටි අයෙක් පටිගත කල දර්ශන කිහිපයක් හිරු ගොස්ප් වෙත ලැබුනා.

 

ඔහුගේ අනතුරෙන් පසු මේ දිනවල අන්තර්ජාලය පුරා විවිධ වෙබ් අඩවිවල පැතිරයන ඡායාරූපයක්,



මේ ඔහු ගමන්ගන්නා ලද පෝෂේ වර්ගයේ (Porsche Carrera GT) නවීනතම මෝටර් රථය,



පෝල් වෝකර් පිළිබදව කැමරාවක සටහන්වූ අන්තිම දර්ශන පෙළද හිරු ගොසිප් වෙත ලැබුනා.



පොලිස් වාර්තා සදහන් කරන්නේ අධික වේගය මෙම අනතුරට පැහැදිලිවම හේතුව වන බවයි. නමුත් වෙනත් අනතුර සම්බන්ධයෙන් වෙනත් කරුණු ඇත්දැයි ඔවුන් පරීක්ෂණ කරන බවද ඔවුන් පවසනවා. මේ අනතුර සිදුවූ අවස්ථාවේ පෝල්ගේ මිතුරෙකු ඒ පිළිබදව මාධ්‍ය දැක්වූ අදහස්..



පෝල් වෝකර්ගේ අනතුර සැලවූ වහාම ඔහුගේ බොහෝ මිතුරන් අනතුර සිදුවූ ස්ථානයට පැමිණියා. නමුත් ඒ අතරින් ටයිරෙස් ගිබ්සන් එතැනට පැමිණීම බොහෝ දෙනා සංවේදී කිරීමට සමත්වුනා. මන්දයත් සුපිරි හොලිවුඩ් නළුවෙකු වන ටයිරෙස් එම අවස්ථාවේදී පෝල් වෙනුවෙන් හඩාවැටෙන ආකාරය දැකීමත් සමගය.
(ටයිරෙස් ගිබ්සන්ද Fast & Furious චිත්‍රපට මාලාවේ ප්‍රධාන නළුවෙකි)





එමෙන්ම පෝල් සමග අනතුරින් මියගිය ඔහුගේ මිතුරාද හදුනාගෙන තිබෙනවා. ඔහු නමින් රොජර් රෝඩස්. ඔහු පෝල්ගේ ඉතාම සමීපතමයෙක්.


කෙසේ වෙතත් පෝල් වෝකර්ගේ අකල් මරණය පිළිබදව ඔහුගේ රසිකයින් සිටින්නේ දැඩි සංවේගයෙන්. ෆේස්බුක් සමාජ ජාල අඩවියේ ඔහු වෙනුවෙන් විවෘත වුණු R.I.P Paul Walker පිටුවේ දැනට සාමාජිකයින් ගණන 1,654,731 ක්. එමෙන්ම මේ වන විට ඔහුට උපහාර වශයෙන් ගීතයක්ද නිර්මාණය වී තිබෙනවා. මේ එම ගීතයයි.



පෝල් වෝකර්ගේ මියයෑමගැන ඔහුගේ රසිකයින් සිය සංවේගය ප්‍රකාශකර අන්තර්ජාලයට එක්කර තිබූ ජායාරූප කිහිපයක්...


































Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top