Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
21
" මම මේ සැත්කම් දිගටම කරනවා.. නවත්වන්නේ නෑ " ලස්සන කරන දොස්තර නිමල් ගමගේ

- " මම මේ සැත්කම් දිගටම කරනවා.. නවත්වන්නේ නෑ " ලස්සන කරන දොස්තර නිමල් ගමගේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

43 Views
තමන් කිසිදු දිනයක රූපලාවන්‍ය සැත්කම් නතර නොකරන බවත් එම වෘත්තිය දිගටම කරගෙන යන බවත් පසුගියදා බම්බලපිටියේ රූපලාවන්‍යාගාරයකදී සිදුවූ ළමා රෝහලේ වෛද්‍යවරියක වූ පී. ඒ. ප්‍රියංගී මහත්මියගේ මරණය සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ රඳවා සිටින වෛද්‍ය නිමල් ගමගේ පවසයි.
"මේ දවස්‌වල මට හරියට අපල තිබෙනවා. පසුගියදා මගේ හඳහන බලවා ගන්නට ගිය මගේ සොහොයුරියන්ට ඒ බව දෛවඥයන් කියා තියෙනවා. ඒ වගේම එදා මියගිය ප්‍රියංගි දොස්‌තර මහත්මියටත් අපල තිබිලා තියෙනවා කියා ආරංචියි. ඒත් මම මේ රස්‌සාව අනාගතයේදී අත්හරින්නේ නැහැ..."

"මෙය මට පමණක්‌ නොවෙයි ඕනෑම වෛද්‍යවරයෙකුට සිද්ධවෙන දෙයක්‌"

"මට කර්මය ඵල දුන්නා. වෛද්‍ය වෘත්තියේ යෙදෙන ඕනෑම කෙනෙක්‌ මෙම තත්ත්වයට පත්වෙන්න පුළුවන්. බටහිර වෛද්‍ය ක්‍රමයට නිගා කරමින් උඩබලාගෙන කෙළ ගැසීම බරපතළ වරදක්‌. ග්‍රහචාරය අනුව මට අපල හුඟාක්‌ තිබෙන බව මගේ සොහොයුරියන් මගේ හඳහන බලන්න ගිය අවස්‌ථාවේදී කියා තිබුණා. ඒ වගේම දොස්‌තර ප්‍රියංගි මහත්මියටත් අපල තිබිලා තියෙනවාලු. දොස්‌තර ප්‍රියංගි මහත්මිය ජුනි මාසයේදී මාව මුණ ගැහුණා. ඉන්පසු වෙනත් දිනක ඇය මට රුපියල් දහදාහක අත්තිකාරම් මුදලක්‌ දුන්නා. තුන්වෙනි වතාවේදී තමයි ඒ මහත්මියගේ මරණය සිදුවුණේ. එදා ඇයගෙන් මම රුපියල් 90 දාහක්‌ අය කෙරුවා."

"මම ඇමරිකාවේ සිටි අවස්‌ථාවේදී මම මේ වගේ වැඩවලට රුපියල් ලක්‍ෂ 8 1/2 ක්‌ අය කරනවා."

තමා මෙම වෘත්තිය අත්හැර ගියොත් මෙය කිරීමට කෙනෙක්‌ නැති බවද ඔහු පවසා තිබේ.තමා මේ රටේ ඉහළ දේශපාලනඥයින්ට මෙන්ම ඔවුන්ගේ බිරින්දැවරුන්ටත් රූපසුන්දරී තරගවලට ඉදිරිපත් වන තරුණ කාන්තාවන්ටත් මෙන්ම විවිධ උදවියටත් මෙවැනි සැත්කම් කර තිබෙන බවද ඔහු පැවැසීය.විපක්‍ෂය නියෝජනය කරන එක්‌තරා මන්ත්‍රීවරියක්‌ තමාට නීතිඥවරයෙකු සැපයූ බව කී නිමල් ගමගේ නුපුහුණු හෙදි සහායකවරියන් තමා ඇමරිකාවේ සිටියදීත් සේවයට යොදා ගත් අතර කැලිෆෝනියා වෛද්‍ය මණ්‌ඩලය මෙය අනුමත කළ බවද කීවේය.තමා 1981-84 කාලයේදී මීගමුව සහ පානදුර රෝහල්වල සේවය කළ බවද දොස්‌තර ගමගේ සඳහන් කළේය.

"මම රාජකීය විදුහලේ ඉගෙන ගත්තේ. මගේ පන්තියේ සිටි මිත්‍රයෙක්‌ අද වෛද්‍ය වෘත්තියේ නියෑලී මට මඩ ගහනවා. ඒක ඉරිසියාව තුළින් හටගත් එකක්‌.1992 වසරේදී ඇමරිකාවේදී ලිංගික බලපෑම් මත මට නඩුවක්‌ තිබුණා. මගේ සේවිකාවෝ දෙදෙනෙක්‌ එදා මට නඩු දාලා තිබුණා. ඒ නඩුවෙන් ඔවුන් පැරදුණා. ඉන් එහා කිසිවක්‌ නැහැ. ඒ ලිංගික අතවර කිරීමක්‌ නොවේ.ඇමරිකාවෙත් වසරකට බෙහෙත් වැරදි වලින් විශාල වශයෙන් මිය යනවා.මට දරුවෝ දෙන්නෙක්‌ ඉන්නවා. මගේ බිරිඳ තත්ත්වය අවබෝධ කරගෙන සිටිනවා"

කෙසේ වෙතත් මෙම සිද්ධිය නිසා අනිසි උපක්‍රම මගින් තම ස්භාවික පෙනුම වෙනස් කරගන්නට තැත් කරන සමාජයේ බොහෝ අයගේ මොළේ පෑදෙන බවනම් පෙනෙන්නට තිබේ.

මේ හා සම්බන්ධ පෙර වාර්තා >>>

ලස්සන කරන දොස්තර රිමාන්ඩ්. සුදසුකම් නැතිලු : Update

මියගිය වෛද්‍යවරිය කරගන්න හැදූ සැත්කම (වීඩියෝව බලන්න)

ලස්සන වීමට ගත් බෙහෙත වැරදී වෛද්‍යවරිය මරු දකී
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top