රියදුරා පොලීසියට ප්‍රකාශයක් දීලා ඔහුට නින්ද ගියා කියලා...
හැමෝම ආදරේට කියන්නේ "සුදු මැණිකේ" කියලලු...
අවිස්සාවෙල්ල පොලිස් වසමේ දෙහිඕවිට , ඇහැළියගොඩ මාර්ගයේ අවිස්සාවේල්ල නගරයේදී දෙහිඕවිට දෙසට ධාවනය වූ වෑන් රථයක ගැටී පසුගිය 04 වනදා 18 හැවිරිදි තරුණියක් අවාසනාවන්න ලෙස මෙලොවින් සමුගත්තා.
එදින උදෑසන 11.20 ට වෑන් රථයේ රියදුරුට වාහනය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පාර අයිනේ ගමන්කරමින් සිටි මෙම තරුණිය ඊට යටවී තිබුණා.
මෙම අනතුරින් මියගොස් තිබුනේ රත්නගම , අල්ගොඩ පදිංචිව සිටි ඒ. ඒ මල්ශිකා සඳරුවනි නමැති තරුණියකුයි. ඇයට නෑදෑ හිතමිතුරන් ආදරෙන් කතා කරන්නේ සුදු මැණිකේ කියලයි.
දෙහිඕවිට ජාතික පාසලේ 12 ශ්‍රේණියේ කලා අංශයේ ඉගෙනුම ලැබූ ඇය ඉගෙනීමට දක්ෂ හැමෝගෙම හිත දිනාගෙන වැඩ කටයුතු කළ සිසුවියක්ද වනවා.
ඇගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඉකුත් 06 වනදා සවස පවුලේ සුසාන භූමියේදී සිදුකෙරුණා.
මෙම සිද්දිය සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙන නමුත් මෙම තරුණියගේ මරණය සම්බන්ධයෙන් තරුණයෙකු විසින් මුහුණු පොතේ සටහනක් පළකර තිබුණා.