විදුලිබල හා බලශක්ති ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් බණ්ඩාරවෙල රෝහලට ඇතුළත් කර තිබෙනවා.
අද පෙරවරුවේ බදුල්ල දිස්ත්‍රික්කයේ වියළුව මැතිවරණ කොට්ඨාශයේ කාන්තා නියෝජිත සම්මේලනය සඳහා සහභාගි වීමට යන අතරතුරයි ඇය මෙලෙස රෝගාතුර වී ඇත්තේ.
ඇමතිවරිය මේ වනවිට එම රෝහලේ බාහිර ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර, ඇයගේ තත්ත්වය බරපතල නොවන බවයි දැනගන්නට ලැබෙන්නේ.