Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
09
"මම කිවුවේ මෙතනින් පිටවෙලා යන්න මෙතනට එන්න එපා කියලා විතරයි" මාධ්‍යට දෙහිකැපූ ඇමති ජෝන් දැන් කියන කතාව - Exclusive

- "මම කිවුවේ මෙතනින් පිටවෙලා යන්න මෙතනට එන්න එපා කියලා විතරයි" මාධ්‍යට දෙහිකැපූ ඇමති ජෝන් දැන් කියන කතාව - ExclusiveHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

33 Views
"බලය තියෙද්දී තමා මම සම්බන්ධතා පවත්වන්නේ"

"යහපාලන ආණ්ඩුවට චෝදනා කරද්දී අපි ඒක ඉවසන්නේ නැහැ"

"පසුගිය ආණ්ඩුවට බලපෑම් කරපු මාධ්‍යවේදීන් අද පොළව යට"

මේ දවස් වල විවිධ පැතිවලින් ආන්ධෝලනාත්මක පුවත් මවන්නෙක් බවට පත්ව ඇති ,එමෙන්ම පහුගිය දා කුණු ප්‍රශ්නයකට අතපොවන්න ගිහින් හිරු මාධ්‍ය සගයන් සමඟ ඇති කරගත්ත කුණු ප්‍රශ්නය මොකක්ද කියා විමසීමකද යේදීමට අවශ්‍ය නිසාවෙන්ම සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානු ආගමික කටයුතු පිළිබඳ ආමත්‍යවරයාව අප සම්බන්ධ කරගත්තා. මේ ඔහු හිරු Gossip සමග කල සංවාදයයි..

කැබිනට් සංශෝධනය සිදුවුණා.. නමුත් ඔබ තුමාගේ අමාත්‍යංශය වෙනස් වුණේ නැහැ නේද?
නැහැ... එත් මගේ යටතේ තිබුණු ඉඩම් අමාත්‍යංශය මගෙන් අරගෙන වෙන ඇමති කෙනෙක්ට දුන්නා.

සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානු ආගමික කටයුතු පිළිබද ආමත්‍යවරයා විදිහට ඇයි ඔබ මේ කොහෙවත් යන කුණු ප්‍රශ්ණ ඔළුවට දාගන්නේ?
මම නෙවේනේ ඔළුවට දාගත්තේ . රජය තීරණය කලානේ මේ කුණු ගෙනල්ලා අපේ වත්තල ආසනයේ මුතුරාජ වෙල දාන්න ඕන කියලා. එකට මම විරුද්ධ උනාට මොකුත්ම කරගන්න බැරුව ගියා.

නමුත් ඔබ ආණ්ඩුවේ ප්‍රබල ඇමති වරයෙක්නේ එකට විරුද්ද වුනාට ඇයි මොකුත් කරගන්න බැරි වුනේ ?
මොකුත් කරගන්න බැරි උනේ හවස ගම් වලට ගඳ එන්න පටන් ගත්තා. මම ඒක ගැන ජනාධිපති තුමාටත් දැනුම් දුන්නා. මේක දාන්න බැහැ , දැන් ප්‍රශ්නයක් මතුවෙලා තියෙන්න කියලා කිවුවත් එක නැවැත්තුවේ නැහැ. ඒ වෙද්දී ගම්මු මට පැමිණිල්ල කරන්න මගේ ගෙදර ආවා .ගෙදර ඇවිල්ලා පැමිණිලි කරනකොට මම කියන්නේ නැතුව ජනමාධ්‍යත් එතනට රිංගුවා. ඒ ප්‍රශ්නේ අපි කතාකරලා විසඳ ගත්තට පස්සේ ජනමාධ්‍ය කට්ටිය අනවශ්‍ය විදිහට ආණ්ඩුවටයි, මටයි, රාජ්‍ය නයකයින්ටයි දොස් කියන්න පටන්ගත්තා. මම ඊට පස්සේ කිවුවා මෙතන ඉන්න එපා මම ඕවට සම්බන්ධ නැහැ යනවා කියලා.

ඇත්තටම ඔය කියන විදිහට ඔබ තුමා හිරු මාධ්‍ය වේදියාට තර්ජනය කළාද ?
තර්ජනය කියන්නේ මොකද්ද? මම කිවුවේ මෙතනින් පිටවෙලා යන්න මෙතනට එන්න එපා කියලා විතරයි. අනිත් එක එයාලා මගේ ගෙදරට ආවේ මම එන්න කියන්නෙත් නැතුව මොන අයිතියක් තියනවටද.

ඔබ ඇයි මාධ්‍යත් එක්ක ඔය තරම් ගැටෙන්නේ ?
ඉතින් මේ අනවශ්‍ය ප්‍රශ්න අහලා වෙන වෙන චෝදනා කරද්දී ගැටෙන්නේ නැද්ද.

ඔබතුමාට මතකයි නේද පහුගිය රාජපක්ෂ ආණ්ඩුව මිනිස්සු ගෙදර යැවුවේ මාධ්‍යට තිබුණු බලපෑම්?
පහුගිය ආණ්ඩුවට බලපෑම් කරපු මාධ්‍යවේදීන් අද පොළව යට. එයාලා මිනිපෙට්ටියේ ගියේ. තවමත් ඔය මිනීකටු තියාගෙන ප්‍රශ්න කරන්නේ ,ලසන්ත වික්‍රමතුන්ගලාගේ එහෙම. අපි තර්ජනය කරලා ගෙදරින් පිටත්ව යන්න කියපු එක විතරයි කලේ .

මේ වගේ වැඩ වලින් යහපාලන ආණ්ඩුවේත් ආයුෂ කෙටිවෙනවා කියලා ඔබට හිතෙන්නේ නැද්ද?
නැහැ කිසිම දෙයක් නැහැ. අසාධාරණ ලෙස යහපාලන ආණ්ඩුවට චෝදනා කරද්දී අපිට එක ඉවසන්න බැහැනේ. සාධාරණත්වය උඩ කතාකරනවානම් අපිට පුළුවන් ඒවා අහගෙන ඉන්න. අපි මේ බොහොම අමාරුවෙන් කුණු ප්‍රශ්නේ විසදන්න හදනවා මේ මිනිස්සු ඇවිත් කුණු ගිණිතියන්න හදනවා.

බොහොම අමාරුවෙන් කුණු ප්‍රශ්නේ විසඳනවා කියන්නේ... මොකද්ද ඒ කතාව?
අසත්‍ය පුවත් බොරු චෝදනා ඉදිරිපත් කරනකොට ඒවාට විරුද්ධව කතා කරන්න ඕන නැත්නම් නැගිටලා එතනින් යන්න ඕන. එහෙම නැත්නම් කියන්න ඕන ඒගොල්ලන්ට නැගිටලා එතනින් යන්න කියලා.

දැන් ඔබ රාජපක්ෂ ආණ්ඩුවට මොන කතා කිවුවත් ඔබ ඒ කාලේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා සමඟ කිට්ටුවෙන් සම්බන්දතා පැවැත්තුවා නේද?
මම හැම ජනාධිපති වරයෙක් එක්කම කිට්ටු සම්බන්ධතා පවත්වනවා.

ඒ සම්බන්ධතාව තාමත් එහෙමද?
නැහැ. දැන් නැහැ. ඒ කලේ තමයි සම්බන්ධතා තිබුනේ. දැන් මහින්ද රාජපක්ෂව දැක්කොත් කතා කරනවා එතනින් එහාට නැහැ. බලය තියෙද්දී තමා මම සම්බන්ධතා පවත්වන්නේ.

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් ආපු රතන හාමුදුරුවෝ මේ වෙද්දී එක්සත් ජාතික පක්ෂය විවේචනය කරනවා. ඇත්තටම රතන හාමුදුරුවෝ කියන විදිහට ආණ්ඩුව ඇතුලේ පිල්බෙදීමක් තියනවද?
නැහැ මම දන්නෙත් නැහැ . මම දන්න තරමට ආණ්ඩුව ඇතුලේ පිල්බෙදීමක් ඇත්තෙත් නැහැ.

කොහොමින් කොහොම වුනත් ආමාත්‍යවරුන්ගේ තර්ජන ගර්ජන සුළුවෙන් තකන්න බැරි බවද මාධ්‍යවේදීන් වශයෙන් අපි කොයි කවුරුත් හොදින් දන්නා කාරණාවක් ඒ නිසාවෙන් අපේ හිරු මාධ්‍ය සගයා ඔහුගේ සහ ඔහුගේ පවුලේ ආරක්ෂාව තකා පැලියගොඩ පොලිසියේ පැමිණිල්ලක් ගොනු කර ඇත.

අදාළ විඩියෝව පහතින් බලන්න



Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top