අනුෂා සොනාලි හදිසියේම රෝද පුටුවට වැටුණු කතාව පහුගිය කාලේ ගොඩක් අයට දැනගන්න ලැබුණා. එයාගේ කාලේ පැතිරිලා ගිය වැඩිහිටියන්ට පමණයි සිංහල සිනමා රැල්ලට අහුවුණු කෙනෙක් වෙච්ච සමුද්‍රා හික්කඩුවත් පසුගිය දවසක ලොකු අකරතැබ්බයකට මුහුණ පෑවා. ඇය ඒ ගැන සති අන්තපුවත්පතකට කියලා තිබුණේ මේ විදිහට.
සමුද්‍රා, කාලෙකට පස්සේ අහන්න ලැබුණු ආරංචි නම් එච්චර හොඳ දේවල් නෙමෙයි?
ඒ මොකද ඒ ?
ඒ ගැන පස්සේ කතා කරමුකෝ. මේ දවස්වල නිෂ්පාදිකාවක් වෙලා නේද?
ඔව්.. මටත් වඩා මගේ මහත්තයා නාට්‍ය නිෂ්පාදනයට කැමතියි.
වැඩේ ලාභ ඇති ?
ලාභ හින්දා නෙමෙයි. සිනමාවට පස්සෙත් කලාවේ රැඳෙන්න මට හිතුණා. ඒ හන්දම ටෙලිනාට්‍ය නිෂ්පාදනය සඳහා එකතු වෙච්ච මගේ සැමියට උදව් කරන්න ආවා.
ඉතින් ඔය උදව් කෙසේ වෙතත් නොදන්නා දේවල්වලට ගහින් වැඩ අනාගත්තලු නේද?
මොකක්ද ඒ කතාව?
රඟපාන්න එන අයව රවට්ටලා සල්ලි දෙන්නේ නෑ කියල කෙනෙක් චෝදනා කළා නේද ?
ඕක බොරු කතාවක්. ඔය ඔක්කොම කරන්නේ මගේ නම කැත කරන්න. ඔය කියන මනුස්සයට අපි ගොඩක් උදව් කළා. මිනිහා හොරකමක් කරන්න ගිහින් මාට්ටු වුණ කෙනෙක්. එයා ඒක ෆේස්බුක් දාල.
ඉතින් ඒක කළින් දැනගෙන හටියේ නැත්ද?
නෑ…ඔය කෙනා මුලින් සෙට් එකේ ඇඳුම් හොරකම් කළා. තව කෙනෙක්ගේ ෆෝන් එකක් ඉස්සුවා. ඉතින් අය තියාගන්න බෑනේ.
සමුද්‍රා ආපහු සිනමාවට එන්න කැමති නැත්ද?
කැමතියි… හොඳ නිර්මානයක් ලැබුණොත් එනවා.
සමුද්‍රා ආපු කාලේ තිබ්බ වැඩිහිටියන්ට පමණයි රැල්ල හන්දා හොඳ චරිතවලින් එන්න බැරිවුණා නේද?
දැන් ඒ ගැන කතා කරලා වැඩක් නෑ.. Adults Only හින්ද වෙච්ච දෙයක්.
එදා ඔබත් රූප රැජිනක්.. අද තියෙන පැජන්ට් ගැන මොනවද හිතෙන්නේ?
අපි එන දවස්වල පැජන්ට්වල ලොකු විශ්වාසනීය බවක් තිබ්බා. ඒත් අද හැමදේම සල්ලිවලට යට වෙලා.