Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
03
නාසයෙන් ලේ ගලනවද? මෙන්න හේතුව

- නාසයෙන් ලේ ගලනවද? මෙන්න හේතුවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

175 Views
අප සෑම කවුරුත් බොහෝ රෝගවලට බියවන්නේ එහි අවසාන ප්‍රතිඵලය දරුණු වීමෙන් සිදුවන හානිය ගැන දන්නා නිසයි. සමහර සුළු ආබාධ අප ගණන් නොගත්තත් යම් අවස්ථාවක ලේ පිටවන අවස්ථාවක් සිදු වුණොත් අපිට බියක් දැනෙන නිසා අප ඒ ගැන සැලකිලිමත් වනවා.

එබැවින් යම් රෝග ලක්ෂණයක් ඇතිවනවා නම් වෛද්‍යවරයෙකු හා සම්බන්ධ වීම වඩාත් සුදුසුයි. රෝගියෙකු බිය වීමත් එම රෝගය උත්සන්න වීමට යම්තාක් දුරට බලපෑමක් එල්ලවන බව කිව යුතුයි. කෙසේ වෙතත් රෝග ලක්ෂණ අනුව තවදුරටත් අප පරීක්ෂා කල යුත්තේ රෝගයට අදාළ මූලික පදනම කුමක්ද කියා සොයා බැලීමටයි.

මනස සැහැල්ලුවෙන් තබා ප්‍රතිකාර කර ගැනීමට අප උනන්දුවීම සිදු කළ යුතුයි. ඔබ සඳහන් කළ මේ රෝග තත්ත්වයට හේතුව කුමක්විය හැකිද? අභ්‍යන්තරව පවතින දේවල් පිටතට නිරාවරණය වීම අසාමාන්‍ය බැවින් එය සිරුරේ යම් උපද්‍රවයක ලක්ෂණයක් විය හැකියි. අභ්‍යන්තරිකව පවතින රුධිරය නාසය වැනි ස්ථානයක් තුළින් පිටතට ඒමට නම් යම් රෝග ලක්ෂණයක් හෝ තැලීමකට ලක්විය යුතුයි.

නාසයෙන් රුධිරය පිටවීම රෝගයක්ද?

සිරුර අභ්‍යන්තර ක්‍රියාවලිය සිදුවන ක්‍රමය යම් ක්‍රමවේදයකට අනුව සිදු වේ. එම ක්‍රමවේදයට පටහැනිව හෝ පරිබාහිරව සිදුවීම සාමාන්‍ය තත්ත්වයෙන් සිදුවීමක් නම් නොවේ. ඒ අනුව මෙහිදී රුධිරය පිටවීම ද අස්වාභාවික තත්ත්වයකි. මෙය රෝගයක් ලෙස හඳුනාගත හැකියි. කිසිදු හේතුවක් නැතිව නාසයෙන් රුධිරය පිටවීම ආයුර්වේදයේ ඌර්ධවගත රත්පිත නමින් හඳුන්වයි.

ඌර්ධවගත රත්පිත

මෙම රෝග තත්තවය ඔබ සඳහන් කළ රෝග ලක්ණ මත සිදුවේ. බිංදුවක් වශයෙන්, ධාරාවක් වශයෙන් හෝ කිවිසුම් යාමකදී විසිරී හෝ තදින් නාසය සූරන විටදී රුධිරය පිට වේ. මෙසේ රුධිරය පිටවන අවස්ථාවලදී අප සැලකිලිමත් වීම වැදගත් විය යුතුයි.
ඒ ඇයි?
රුධිරය පිටවන බොහෝ අවස්ථා ඇතත් පිළිකා අවස්ථාවලදී ද රුධිරය පිටවීම මෙහි ඇති භයානකම තත්ත්වයයි. එසේ රුධිරය උණුසුම්ව නාසයෙන් පිට වේ නම් වඩා සැලකිලිමත් වීම වැදගත් වන්නේ ඒ නිසයි.

නාසයෙන් රුධිරය පිටවිය හැකි අවස්ථා

නාසයෙන් රුධිරය පිටවීමට බොහෝ කරුණු හේතු වේ. නාසයට පහරක් වැදීම, හිස පිටුපසට පහරක් වැදීම, වැටීමකදී හිස තැලීම, අධික රුධිර පීඩනය ඇති වීම නිසාද නාසයෙන් රුධිරය පිටවිය හැකියි. රුධිරය කැටි නොගැසීමේ රෝග (ඇතැම් හිමෝෆිලීයා වර්ග) ඇති අයට ද නාසයෙන් රුධිරය පැමිණිය හැකියි. කල්ගත වූ පීනසට ද ඇතැම් අවස්ථාවලදී ද නාසය තුළින් ලේ පිට වේ. කඳු හා උස් බිම්වල වාසය කරන අයට නාසයෙන් රුධිරය පිට වීමට ඉඩ ඇත.

භයානක කම මේ රෝග තත්ත්වය භයානක වන්නේ ඉහත සඳහන් කළ රෝග අවස්ථාවලින් වෙන් කර හඳුනාගගත යුතු නිසයි. එය රෝගියා සමඟ සාකච්ඡා කර තොරතුරු විමසා බැලිය යුතුයි.
ප්‍රතිකාර කිරීමට ප්‍රථම ඔබ සන්සුන් විය යුතුයි. එසේම ඔබගේ නහය ප්‍රදේශයේ ඉහළ කෙළවර තදින් අල්ලා ගෙන කටින් හුස්ම ගැනීම කළ යුතුයි. නාසය සිසිල් කළ යුතුයි. (පුළුන් කැබැල්ලක් ආධාරයෙන් අයිස් තබා ගැනීම) ඖෂධීය ද්‍රාවණයක් ගෙන පුළුන් කැබැල්ලක තබා රැඳවිය හැකියි. මෙවිට රුධිරය ගැලීම නවතියි. මීට අමතරව පාවට්ටා පස් පංගුව තම්බා බීම සුදුසුයි. ඊට එහා ප්‍රතිකාර සඳහා රෝහල වෙත යා යුතුයි. සමහර අවස්ථාවලදී මෙවැනි රෝග තත්ත්වයකදී නස්‍ය කරණයකට වුවද ලක්කළ හැකියි. මේවා සිදු කරගත හැක්කේ ආයුර්වේද රෝහලක අදාළ වෛද්‍යවරයෙකු පමණි.

මේ සඳහා පිළිපැදිය යුතු කරුණු

අවේලාවේ ස්නානය, සීතාධික ආහාර ගැනීම,පින්නේ යාම,දුම් දූවිලිවලින් වැදීම, නිදි වැරීම, සීතල ජලය පානය, සීත ප්‍රදේශවල ගමන් බිමන් යාම නොකළ යුතුයි. උස් කඳුවල නැඟීම හා එහි වාසය කිරිම, උස් ගොඩනැගිලිවල වැඩිවේලා රැඳී සිටීම නොකළ යුතුයි. තදින් නාසය සූරන්න යාමද නොකළ යුතුයි. විශේෂයෙන් අව්වේ යාම නොකළ යුතුයි. මේ සෑම අතින්ම වැළකී උෂ්ණ ආහාර පාන ගැනීම ද නොකළ යුතුයි. ඉස්සො, බලමාළු,සාඩින්,විනාකිරි,ජාඩි වර්ග, කකුළුවා, දෙල්, අච්චාරු,සෝස් වර්ග, කොත්තු වර්ග වැනි කෑම සුදුසු නැති ආහාරයන්ය.

(අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්












.
Malak
Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top