එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයෙන් මරණ 65 ක් සහ මාතර දිස්ත්‍රික්කයෙන් මරණ 44 ක් මේ වනවිට වාර්තා වී තිබෙනවා. අයහපත් කාලගුණයෙන් මේ වනවිට නිවාස 2093 ක් සම්පූර්ණයෙන් හානිවී ඇති අතර, අර්ධ හානි වූ නිවාස සංඛ්‍යාව 11,056 ක්. එමෙන්ම ආරක්ෂිත ස්ථාන 225 ක පුද්ගලයින් 25,245 ක් රඳවා සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. මේ අතර, ආපදා තත්ත්වය හේතුවෙන් වසා දැමුණු බස්නාහිර, දකුණු සහ සබරගමුව පළාත්වල පාසල් හෙට යළි විවෘත කෙරෙනවා. කෙසේ වෙතත්, දකුණු පළාතේ අවතැන් කඳවුරු ලෙස පවත්වාගෙන යන පාසල් 10 ක් සහ හානියට ලක්වූ පාසල් 29 ක් පසුව විවෘත කරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කර තිබූ නිවේදනයක දැක්වුණේ. එමෙන්ම, සබරගමුව පළාතේ අවතැන් කදවුරු ලෙස පවතින පාසල් 14 ක් හැර පළාතේ සියලූ පාසල් හෙට දිනයේ විවෘත කරන බව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහින්ද එස්. වීරසූරිය කියා සිටියා. කෙසේ වෙතත් හෙට දිනයේදී විවෘත නොකෙරෙන ඇලපාත, අයගම, නිවිතිගල, සහ කලවාන යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශවලට අයත් පාසල් 14 අනිද්දා දිනයේ දී විවෘත කරන බවයි ඔහු කියා සිටියේ. බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම ඇතුලූ පළාත් කිහිපයක අදත් වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. -----------------------------------------------Update අයහපත් කාළගුණයෙන් මියගිය ගණන 211 දක්වා ඉහළට- 91ක් අතුරුදන් 2017-06-03 19:30:12 පීඩාවට ලක්ව සිටින පුද්ගලයින් සංඛ්‍යාව හය ලක්ෂ 704815ක්... දිවයිනට බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 208 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේතවත් පුද්ගලයින් 91 දෙනෙකු අතුරුදන්ව 72 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තාවී ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් වන අතර, එම සංඛ්‍යාව 85 ක්. එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයෙන් මරණ 63 ක් සහ මාතර දිස්ත්‍රික්කයෙන් මරණ 31 ක් මේ වනවිට වාර්තා වී තිබෙනවා. පීඩාවට ලක්ව සිටින පුද්ගලයින් සංඛ්‍යාව හය ලක්ෂ 77 241ක්. මේ වනවිට නිවාස 1735කට සම්පූර්ණයෙන් හානිවී ඇති අතර, අර්ධ හානි වූ නිවාස ගණන 9432ක්. මේ අතර, අයහපත් කාළගුණයෙන් ආපදාවට ලක්වූ දිස්ත්‍රික්ක 7කට පනවා තිබූ නාය යාම් අනතුරු ඇගවීම අද පස්වරු දෙකේ සිට තවත් පැය 24 කින් දීර්ඝ කර තිබෙනවා. ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කළේ රත්නපුර, කෑගල්ල, ගාල්ල, කළුතර, මාතර, හම්බන්තොට සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක වලට වර්ෂාපතනය අඛන්ඩව පැවතුනහොත් නායයෑමේ සහ කණ්ඩි කඩා වැටීමේ අවදානම පිළිබද අවධානයෙන් සිටිය යුතු බවයි. ගංවතුර සහ නායයාම් වලින් අවතැන්ව සිටින ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම් සදහා ධීවර අමාත්‍යාංශය බෝට්ටු 350 ක් එක් කර තිබෙනවා. එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ ගාල්ල, මාතර, තංගල්ල, කළුතර සහ ගම්පහ යන ප්‍රදේශවලට අදාළ බෝට්ටු යොදවා ඇති බවයි. මේ අතර, යුරෝපා සංගමය ද ජල ගැලීමෙන් සහ නායයාමෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සදහා යූරෝ තුන්ලක්ෂයක මුදලක්, එනම් රුපියල් මිලියන 51 කට ආසන්න මුදලක් ලබාදෙන බව ප්‍රකාශ කළා. දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වර්ධනයක් අද දිනයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා. ඒ අනුව, බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වලට විටින් විට වැසි ඇතිවන අතර, ඇතැම් දිස්ත්‍රික්කවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි බලාපොරොත්තු විය හැකිි බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ. -------------------------------------------Update අයහපත් කාළගුණයෙන් මියගිය ගණන 203 දක්වා ඉහළට- 96ක් අතුරුදන් - Video & Photos දිවයිනට බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 203 දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවත් පුද්ගලයින් 96 දෙනෙකු අතුරුදන්ව සිටින අතර, පවුල් එක් ලක්ෂ 64,264කට අයත් පුද්ගලයින් හය ලක්ෂ 30082 පීඩාවට පත්ව සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ. ආපදා තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ මියගිය සංඛ්‍යාව 84 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එසේම, කළුතර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 63 දෙනෙකු ද ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ. පැවති ආපදා තත්ත්වය හේතුවෙන් සම්පූර්ණයෙන් විනාශ වූ නිවාස ගණන 1,508 ක්. නිවාස 7617 කට ද අර්ධ වශයෙන් හානි සිදුව තිබෙනවා. එසේම, පවුල් 19,876 කට අයත් පුද්ගලයින් 77,643 දෙනෙකු මේ වනවිට ආරක්ෂිත ස්ථාන 368ක රඳවා සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ.VIDEO --------------------------------- Update අයහපත් කාළගුණයෙන් මියගිය ගණන 202 දක්වා ඉහළට- 96ක් අතුරුදන් - Video & Photos 2017-05-31 ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 202 දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවත් 96 දෙනෙකු අතුරුදන්ව සිටින අතර, පවුල් එක් ලක්ෂ 63,701 කට අයත් පුද්ගලයින් හය ලක්ෂ 29,742 දෙනෙකු පීඩාවට පත්ව සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ. රත්නපුර දිස්ත්‍රික්කයේ මියගිය සංඛ්‍යාව මේ වනවිට 84 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එසේම, කළුතර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 62 දෙනෙකු ද ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ. පවුල් 19784 කට අයත් පුද්ගලයින් 77,432 දෙනෙකු මේ වනවිට ආරක්ෂිත ස්ථාන 366 ක රඳවා සිටිනවා. ------------------------------------------------- Update අයහපත් කාළගුණයෙන් මියගිය ගණන 194 දක්වා ඉහළට- 99ක් අතුරුදන් - Video & Photos 2017-05-31 06:00:12 පවතින ආපදා තත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව මේ වනවිට 194 දක්වා ඉහළ ගොස් තිබෙනවා. පුද්ගලයින් 99 දෙනෙකු තවදුරටත් අතුරුදන් බවයි ආපදා කළමණාකරන මධ්‍යස්ථානය සදහන් කලේ.දිස්ත්‍රික්ක 15 කට බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් මේ වනවිට පීඩාවට පත්වූ සංඛ්‍යාව පන් ලක්ෂ හැත්තැ පන්දහස ඉක්මවා තිබෙනවා. වැඩිම පිරිසක් පීඩාවට පත්ව සිටින්නේ මාතර දිස්ත්‍රීක්කයේ වන අතර එම සංඛ්‍යාව එක් ලක්ෂ 61763ක්. එසේම සමස්ත ආපදාවලින් නිවාස 1402 ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර අර්ධ හානියට පත් වූ නිවාස සංඛ්‍යාව 7771 ක්.VIDEO ------------------------------------------------------------------- Update අයහපත් කාළගුණයෙන් මියගිය ගණන 193 දක්වා ඉහළට- 99ක් අතුරුදන් - Video & Photos 2017-05-30 19:00:12පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 193 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ තවත් පුද්ගලයින් 99 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි. පවුල් එක්ලක්ෂ 49 678 කට අයත් පුද්ගලයින් පන්ලක්ෂ 75 816 දෙනෙකු ආපදා තත්ත්වය නිසා පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා. මේ අතර කළුතර, කෑගල්ල, රත්නපුර, ගාල්ල, මාතර, හම්බන්තොට සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක වෙත පනවා තිබූ නායයෑමේ අවදානම ඉදිරි පැය 24 ක කාලය සඳහාද දීර්ඝ කර තිබෙනවා. ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කළේ වර්ෂාපතනය ඉදිරි පැය 24 ක කාලය තුළද අඛණ්ඩව පැවතුණහොත් එම දිස්ත්‍රික්කයන් හි නායයෑමේ සහ කණ්ඩි කඩාවැටීමේ අවදානමක් ඇතිවිය හැකි බවයි. ----------------------------------------------------------- Update අයහපත් කාළගුණයෙන් මියගිය ගණන 183 දක්වා ඉහළට- 103ක් අතුරුදන් - Video & Photos2017-05-30 11:00:12 පීඩාවට පත්වූ සංඛ්‍යාව පන්ලක්ෂ 45,283 ඉක්මවයි... අාපදා තත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 183 දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවත් පුද්ගලයින් 103 දෙනෙකු අතුරදන්ව ඇති අතර 112 දෙනෙකු තුවාල ලබා ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ. අයහපත් කාලගුණය හේතුවෙන් පිඩාවට පත්ව සිටින පුද්ගලයින් සංඛ්‍යාව පන්ලක්ෂ හතලිස් පන්දහස් 283 ක්. --------------------------- Update අයහපත් කාළගුණයෙන් මියගිය ගණන 180 දක්වා ඉහළට- 109ක් අතුරුදන් - Video & Photos අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 180 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත්කළ නවතම නිවේදනයෙන් පෙන්වා දෙන්නේ තවත් පුද්ගලයින් 109 දෙනෙකු අතුරුදන්ව 109 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තාවී ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් වන අතර, එම සංඛ්‍යාව 77 ක්. එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයෙන් මරණ 54 ක් සහ මාතර දිස්ත්‍රික්කයෙන් මරණ 21 ක් මේ වනවිට වාර්තාවී තිබෙනවා. අයහපත් කාලගුණයෙන් බලපෑමට ලක්ව සිටින පුද්ගලයින් සංඛ්‍යාව පන්ලක්ෂ 88,082ක්. මේ වනවිට නිවාස 484 ක් සම්පූර්ණයෙන් හානිවී ඇති අතර, අර්ධ හානි වූ නිවාස ගණන 5227ක්. එමෙන්ම ආරක්ෂිත ස්ථාන 366ක පුද්ගලයින් 74,928ක් රඳවා සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. වැඩිම පිරිසක් රඳවා ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයේයි. එම සංඛ්‍යාව 38,323 ක්. එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 11,692ක් සහ මාතර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 9 370 දෙනෙකු ආරක්ෂිත ස්ථානවල රඳවා සිටින බව ද ආපදා කළමනාකරන මධ්‍යස්ථානය කියා සිටියා.VIDEO VIDEO අකුරැස්ස නගරයේ ඡායාරූප කිහිපයක් පහතින් බලන්න --------------------------- Update අයහපත් කාළගුණයෙන් මියගිය ගණන 177 දක්වා ඉහළට- 109ක් අතුරුදන් - Video & Photos 2017-05-29 16:40:12 බලපෑමට ලක්ව සිටින පුද්ගලයින්පන්ලක්ෂ 57,505ක්...... ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 177 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත්කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ තවත් පුද්ගලයින් 109 දෙනෙකු අතුරුදන්ව 109 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. අයහපත් කාලගුණයෙන් බලපෑමට ලක්ව සිටින පුද්ගලයින් සංඛ්‍යාව පන්ලක්ෂ 57 505ක්. ------------------------------------------------------- 2017-05-29 08:40:12 Update අයහපත් කාළගුණයෙන් මියගිය ගණන 164 දක්වා ඉහළට- 104ක් අතුරුදන් - Video & Photos හාර ලක්ෂ 71,542කට තවදුරටත් පීඩා......
නිවාස 412ක් සම්පූර්ණයෙන් විනාශ වෙලා....
ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 164 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත්කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ තවත් පුද්ගලයින් 104 දෙනෙකු අතුරුදන්ව 88 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. පවුල් එක්ලක්ෂ 28 586 කට අයත් පුද්ගලයින් හාර ලක්ෂ 71 542 කට අයහපත් කාලගුණයෙන් බලපෑම් සිදුවී ඇති බවද එම නිවේදනයේ දැක්වෙනවා. පූර්ණ නිවාස හානි 412 ක් සහ අර්ධ නිවාස හානි 4266 ක් වාර්තාවනවා. එමෙන්ම ආරක්ෂිත ස්ථාන 336 ක පුද්ගලයින් 75 236 ක් රඳවා සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.VIDEO ------------------------------------ 2017-05-29 06:31:12 අයහපත් කාළගුණයෙන් මියගිය ගණන 151 දක්වා ඉහළට- 111ක් අතුරුදන් - Video & Photosආපදා තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට 151 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ පුද්ගලයින් 111 දෙනෙකු තවදුරටත් අතුරුදන්ව සිටින බවයි.
පවුල් එක්ලක්ෂ 12,565 කට අයත් පුද්ගලයින් හාරලක්ෂ 38,295 දෙනෙකු ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින බව ද එම නිවේදනයේ දැක්වෙනවා.
වැඩිම මරණ සංඛ්‍යාවක් රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර, එම සංඛ්‍යාව 71 ක්.
කළුතර දිස්ත්‍රික්කයෙන් මරණ 47ක් සහ මාතර දිස්ත්‍රික්කයෙන් මරණ 14 ක් වාර්තා වී තිබෙනවා.
ගාල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 9 ක්ද, හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් මරණ 5 ක්ද, ගම්පහ දිස්ත්‍රික්කයෙන් මරණ 3 ක් සහ කෑගල්ල දිස්ත්‍රික්කයෙන් මරණ දෙකක් වාර්තා වී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ.