මේ දවස්වල ගොඩක් අය නිරෝෂා නිසා සතුටින් නේද...?
මම කරන රැකියාවේදී තව කෙනෙක්ව සතුටු කරන්න අවස්ථාවක් ලැබිලා තියනවා. රංගනයෙන් හෝ නිවේදනයේන් ප්‍රේක්ෂකාගාරය සතුටු වෙන එක මට වැදගත්.
හැමෝම සතුටින් තියන නිරෝෂා දැන් සතුටින්ද...?
ඔව්. ඇස්වහක් කටවහක් නැහැ. මම සතුටින් ඉන්නේ. මම කිසිම දෙයක් පසු පසින් දුවන කෙනෙක් නෙමෙයි.මගේ ජිවිතේ සැලසුම් නැහැ.
සැලසුම් නැහැ කියන්නේ නිරෝෂා පාවෙන චරිතයක් කියන එකද...?
ඕනෑම කෙනෙක් ඉපදෙනකොට ප්ලෑන් එකක් හැදිලා තියෙනවා. ඉපදීමේ ඉදලා මැරෙනකල්.එහෙම තියෙද්දී අපි මොකටද ප්ලෑන් හදන්නේ.
නිරෝෂා කරන වැඩසටහන්වල නමෙනුත් තමන්ව ප්‍රොමෝට් කරගන්නවද..?
මම කරන වැඩසටහන්වල ඇත්තටම නම දාන්නේ මම නෙමෙයි.
නිරෝෂාට වැඩ ලැබුණම ගණන් උස්සනවා කියන්නේ ඇත්තද..?
මම පිනට නම් වැඩ කරන්නේ නැහැ. මම මගේ අය කිරීම කරනවා. ගොඩක් අය මං ගැන කියද්දීත් කියන්නේ වැඩිම මුදල අය කරන නිවේදිකාව කියලයි.
වැඩ වැඩිපුර නොකරන්නේ අතමිට සරු නිසාද..?
මට සල්ලි තියනවා. මොකද මම අඩු ගාණට වැඩ කරන්නේ නැති නිසා.මුදල් තියෙන නිසා මට වැඩ කරන්න ඕනත් නැහැ.
බැලු බැල්මට නිරෝෂාව ගොඩක් අයට පෙන්නේ වෙස්ටන් ලුක් එකක් තියෙන ලොකුකමෙන් ජිවත් වෙන ආඩම්බර චරිතයක් කියලා. ඇත්තටම එහෙමද..?
ඇත්තටම සමහරු හිතන්නේ මම සුද්දියක් කියලා. මම පන්සලකට ගියත් සමහරු පුදුම වෙනවා. මම එක්ක කතා කරන්න හිනාවෙන්න බයයි. ජිවිතේ හැම දෙයක්ම තාවකාලිකයි. ඕනෑම දෙයක් ඇතිව වගේම නැතිව මට ජිවත් වෙන්න පුළුවන්. ඒ නිසා මම ආඩම්බරයි කියලා හිතන්නේ නැතුව කතා කරන්න කියලා ඕන කෙනෙකුට කියනවා.
නිරෝෂා ජිවිතේ වැඩිපුරම ආදරේ කාටද..?
මම මට සහ මගේ පවුලට ආදරෙයි.
ඔය ආදරේ වෙන කෙනෙක් එක්ක බෙදාගෙන තනිකඩ ජිවිතේට සමුදෙන්න අදහසක් නැද්ද..?