රියදුරෙකුට විනය කියන්නේ දැඩිව තිබිය යුතු ගුණාංගයක්. නමුත් ගුණාංගය එන්න එන්නම පිරිහී යන බවක් තමයි අපට දකින්නට තියෙන්නේ.
මෙලෙස විනය ගරුක භාවයකින් තොරව රිය ධාවනය කළ පුද්ගලයෙකු පිළිබදව තොරතුරු වාර්තා වනවා. වාසනාවට මෙම පුවත වාර්තා වන්නේ අපේ රටෙන් නම් නොවෙයි, රුසියාවේ මොස්කව් අගනුවරින්.
මොස්කව් අගනුවර මාර්ගයක ගමන් කල රථයේ රියැදුරෙකු පසු පස රථයේ රියදුරාට යමක් පැවසීම සඳහා එම රථය දෙසට පැමිණ තිබෙනවා.
එම කතාබහෙන් අනතුරුව අදාළ පුද්ගලයා යලිත් තම රථය දෙසට ගමක් කරමින් සිටියදි පසුපස රථයේ රියදුරා එම පුද්ගලයා අනතුරට ලක් කරමින් සිය මෝටර් රථය ඉදිරියට ධාවනය කර තිබෙනවා.
පසුව රියදුරා ඔහුගේ රථයට හානි සිදුවුයේද යන්න සොයා බැලීම සඳහා රථයෙන් බසින්නේ, අනතුරාට පත් පුද්ගලයාට සිදුවුයේ කුමක්ද යන්න පිළිබඳව තැකීමක් නොකරමින්.
කෙසේ වෙතත් මෙම සිදුවීම සම්පූර්ණයෙන්ම එම මෝටර් රථ දෙකටම පසුපසින් නවතා තැබූ මෝටර් රථයක වීඩියෝ කැමරාවක සටහන් වී තිබෙනවා.
ඒ අනුව අනතුර සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකිවී තබෙන අතර, අනතුරට පත් පුද්ගලයා රෝහල් ගත කල බවයි වාර්තා වන්නේ.
එම වීඩියෝව පහතින් බලන්න.....