බොහෝ දෙනෙක්ගේ ආදරය දිනාගත්ත උදාරි වර්ණකුලසූරිය ආදරණීය බිරිඳක්, ආදරණීය මවක් ලෙස සුන්දර විවාහ ජීවිතයක් ගත කරනවා.මේ උදාරි සමග කළ සොඳුරු පිළිසඳරක්.
උදාරි කොහොමද ගෙවන ජීවිතේ?ජිවිතේ ගොඩක් සුන්දරයි.සතුටින් කාලය ගත කරනවා.මොකද මට හරිම හුරතල් දියණියක් ඉන්නවා.අපි ලස්සන පවුල් ජීවිතයක් ගත කරනවා.
මේ දවස්වල බොහොම කාර්යබහුලයි නේද?ඔව්..චිත්‍රපටයක රූගත කිරීම් සිදු කරනවා.ඒත් එක්කම සැමියත් එක්ක දින දෙකක නිවාඩුවකට ඇවිත් ගියා..දුවගේ උපන් දිනයට ආයෙත් ඉක්මනින්ම එයි.
දුවත් දැන් ගොඩක් හුරතල් වයසේ නේද ඉන්නෙ?
ඔව් දැන් දුවට අවුරුදු 2 ත් ඉවර වෙන්න එනවා.එයා ගෙදරි නම් බොහොම චණ්ඩියි.නම ෂෙනාර්යා.හැබැයි පිටතට ගියාම හරිම කීකරු හැදිච්ච දරුවෙක් වගේ ඉන්නවා.ඉතිං හැමෝම කියන්නෙ එයාව බලා ගන්න එක මට හරි ලේසියි කියලා.
උදාරි වැඩකටයුතුවලට ගියාම දුව හොයන්නෙ නැද්ද?
මුල් දවස්වල නම් ටිකක් පාළුවෙන් හොයලා තියෙනවා.මටත් මුලදි සාංකාව වගේ තිබුණා.සමහර වෙලාවල්වල මම ඇවිත් කවලත් ගියා.හැබැයි දැන් නම් දුවට එච්චර ගාණක් නැහැ.තාත්තා එක්ක වගේම එයාව බලාගන්න ඉන්න නන්දඅම්මටත් දුව ගොඩක් එකතුයි.දුවව ඒ අය හරිම ආදරෙන් බලාගන්නවා.
උදාරි බිරිඳක්, මවක් විදිහට ආදර්ශවත් බොහෝම හොඳ පවුල් ජීවිතයක් ගතකරනවා නේද?
මට මගේ ජීවිතේ පවුල් සංස්ථාව තමයි මේ ලෝකේ ලොකුම දේ.අපි ජීවිතේ ලෞකික ආශාවන්ගෙන් මිදෙන්න ඕනේ.ඇතැම් නළු නිළියන් පෙනුමට සල්ලිවලට රැවටෙනවා.නිර්මාණයක් දෙනවා කිව්වම රැවටෙනවා.තමාව අගය කළාම රැවටෙනවා.ඒවට අන්ධ වුණාම ජීවිතේ අපිට නොදැනිම අවුල් වෙනවා.ඒවා තේරුම් ගන්න තරමට අපිට හොඳින් ජීවත් වෙන්න පුළුවන්.
දුව උදාරිව රූපවාහිනියේ දකිනකොට කොහොමද ප්‍රතිචාර දක්වන්නෙ?
දුව හරිම ආසයි මාව පෙන්නනකොට.දැක්කාම අම්මි..අම්මි කියලා දුවගෙන එනවා.
දූ ගැන කොහොමද හීන දකින්නෙ.?
දුව නිළියක් කරනවද?වෛද්‍යවරියක් කරනවද කියලා ලොකු බලාපොරොත්තුවක් නැහැ.රටට ණය නැති වැඩදායි කෙනෙක් කරන්න තමයි ඕනේ. එයා යන්න ඕන මාර්ගය දුවම තෝර ගනී.
ගොසිප් කියන්නෙ කලා ලෝකයට අලුත් දෙයක් නෙමෙයි.ඇයි මේ තරම් කටකතා පැතිරෙන්නෙ?
අපේ මිනිස්සුන්ට කෙනෙක් මැරුණත් සල්ලි හම්බවෙනවා නම් ඕන දෙයක් කරයි.සල්ලිවලට හැමදේම යටවෙලා.තව කෙනෙක්ගේ ආත්ම ගරුත්වය නැති කරන එක මහ ලොකු දෙයක් නෙමෙයි.ඒ වගේ අසහනකාරී මිනිස්සු ගැන දුක හිතෙනවා.
උදාරි දිගටම ක්ෂේත්රයේ ඉන්නවද?
ඔව්..මම කවදාවත් කලාවෙන් ඉවත් වෙන්නෙ නැහැ.ප්‍රේක්ෂකයෝ මට ගොඩක් ආදරය කරනවා.ඒත් අම්මා කෙනෙක් විදිහට මගේ දුවට වෙන්න ඕන යුතුකම් මම මොනදේ කළත් ඉෂ්ට කරනවා.
ක්ෂේත්රයේ උදාරිට අභියෝගයක් වුණ කෙනෙක්,බාධාවක් වුණ කෙනෙක් නැද්ද?
දැනුවත්ව මූනට ඇවිත් මට කවුරුත් මුකුත් කියන්නෙ නැහැ.හැබැයි හොඳට කතා කරලා ඉරිසියා කරන අය ගැන මම දන්නවා.මම නම් කවුරුත් අභියෝගයක් කියලා හිතන්නෙ නැහැ.අනික මම කලාව රැකියාවක් විදිහට කරන්නෙ නැහැ.ඒක මගේ විනෝදාංශය.ඒ නිසා කොහොමත්ම මට තරගයක් නැහැ.
විලාසිතාවලට ඉස්සර වගේම උදාරි කැමතියි නේද?
මට තාම වයස අවුරුදු 26 යි.මම විලාසිතා කරන්නෙ මගේ වයසට.අම්මා කෙනෙක් කියලා විලාසිතාවලට වෙනසක් කළේ නැහැ.ගැලපෙන විදිහට කරන නිසා මට සැමියාගෙන් බලපෑමක් නැහැ.
උදාරි හිතන විදිහට උදාරි මොනවගේ චරිතයක්ද?
මම ශක්තිමත් කාන්තාවක්.
අනාගත බලාපොරොත්තු ගැනත් කියමුද?
දැනට ලොකුම බලාපොරොත්තුව මගේ දුව.ලබන ජනවාරිවල ඉදලා දුව මොන්ටිසෝරි යනවා.හොයලා බලලා හොඳ පෙර පාසලකට යවලා එයාගේ අනාගතේ හදන්න තමයි බලාපොරොත්තුව.ඒ වගේම ඉස්සරහටත් හොඳ පවුල් ජීවිතයක් ගෙවන්න ඕන.