වේදිකාව, පුංචි තිරය වගේම ටෙලි නාට්‍යවලට එක සේ රංගන දායකත්වයක් ලබා දෙන මාදනි මල්වත්ත හැමදාමත් ජනප්‍රිය චරිතයක්.
ඇය ගැන පුවත්පතක් වාර්තා කරලා තිබුණ අදහස් මෙසේ උපුටා දක්වන්න හිරු ගොසිප් හිතුවා.
මාදිනි කාලෙකට පස්සේ පුංචි තිරයට පිවිසෙන්නේ...?
ටෙලිනාට්‍යය බොහොමයකට සම්බන්ධ වුණා.
ටෙලිනාට්‍ය වලට සම්බන්ධ වෙන්නේ තෝරාගැනිමකින් තොරවද ..?
මම වේදිකාවේ වගේම ටෙලිනට්‍යවලදිත් තෝරා ගැනීමක් කරනවා. හැමවිටම මාදනී නොවී වෙනස් කෙනෙක් වෙන්න ලැබෙන චරිත තෝරා ගනිමින් චරිතාංග නිලියක් විදිහට ඉන්නයි මම කැමති.
මේ තෝරා ගැනීම නිසා ඔබ අතහැර දමන දෑ බොහොමයිද...?
මට සාමාන්‍ය චරිත වලට කතා කරන්නේ නැහැ. ගොඩක් අධ්‍යක්ෂවරු මගේ රංගන පරාසය හඳුනනවා. ඒ නිසා ඕනෑම කෙනෙකුට කරන්න පුළුවන් විදිහේ චරිතවලට කතා කරන්නෙම නැහැ. ඒ ගැන සතුටුයි.
මේ දවස්වල වේදිකා නාට්‍ය දායකත්වය පැවසුවොත්...?
කැලණි පාලම,මනාලයා වෙඩිතියන්නෝ, මධුර ජවනිකා වගේ නිර්මාණවලින් මාව දකින්න ලැබෙනවා.
ඔබේ සැමියා නිර්මාණය කළ ඔබ ප්‍රධාන චරිතයක් වූ නිර්මාණ ගැන පවසනවා නම්..?
ඒක තමයි මං විතරයි චිත්‍රපටය. කිර්තිගේ පළමු නිර්මාණය මම එහි චරිත එකොළහක්ම රඟපානවා. මෙය වෙනස් විදිහේ චිත්‍රපටියක්.
කලාවෙන් බැහැර වූ කල මාදනී මල්වත්ත මොන වගේ කෙනෙක්ද...?
මාදනී කියන්නේ ගොඩක් දේවල් ඉගෙන ගන්න කැමති කෙනෙක්. විවිධ පැතිකඩ හරහා රංගනය හදාරා බලන්න කැමතියි. එතැනින් එහාට මාදනී කියන්නේ ගොඩක් ඉවසන කෙනෙක්. එදිනෙදා ජිවිත ප්‍රශ්නවලට ඉවසීමෙන් කාලයට ඉඩ දීලා බලාගෙන ඉන්න පුළුවන් කෙනෙක්.
සම්මාන හා ඇගයීම් පිළිබදව මාධනිගේ මතය උදාසිනද ...?