මේ දිනවල ටෙලිනාට්‍ය කිහිපයකින් අපේ නිවසට පැමිණෙන නවක නිළි විනූ උදාරි සිරිවර්ධන පසුගියදා පැවති කොපි චැට් 100 වැඩසටහනට සහභාගී වුනේ කාගේත් සිත් ඇදගන්නා සුළු විශේෂිත ඇඳුමකින් සැරසිලා.
මේ දිනවල ඇයගේ විශේෂිත ඇඳුම පිළිබඳව කට කතා රැසක් යනවා..
අපි බලමු මේ ඇඳුමේ රහස මොකක්ද කියලා.
කොහොමද විනූ?හොඳින් සතුටින් ඉන්නවා.
මේ දවස්වල ඔයා ගැන කතා වෙනවා නේද?ඇත්තද මං ගැන කතා වෙනවද?හරියට දන්නෑ. ඇත්තටම මම නම් දන්නෙ නෑ.. එහෙම විශේෂ කතාවක් නැහැ.
ඔයා දන්නැද්ද ඔයාගේ ඇඳුමක් ගැන කතා වෙනවා කියලා?
ආ..ඔය Copy chat 100 වැඩසටහනට ඇඳපු එක ගැනනේ. ඔව් ඒ ගැන නම් කතා බහක් යනවා කියලා ආරංචියි.
ඇයි ඒ ඇදුම ගැන එච්චර කතාබහක්?
ඇඳුම ලස්සන නිසා වෙන්න ඇති.
ඒ කියන්නෙ ඔයා ලස්සන නැද්ද?එහෙම කිව්වා නෙමෙයි අනේ... ඒ ඇඳුමත් එක්ක මාවත් ලස්සනට පේන්න ඇති. ඒකයි.
ඇත්තද ඔයාගේ සුවිශේෂි ඇඳුම ඊබේ විද්‍යුත් මාධ්‍යය හරහා මිලදී ගත්තා කියන්නෙ?
ඒක නම් බොරුවක්.. මම මේක නිර්මාණ ශිල්පියෙක් හරහා නිර්මාණය කරනු ලැබූ එකක්.
ඇයි ඔයාට මේ වගේ නිර්මාණයක් කරගන්න හිතුණේ?
මට Copy chat 100 ට නැටුමක් ඉදිරිපත් කරන්න.. ඉතිං ඒක කපිරිඤ්ඤා නැටුමක්. ඒ නිසා නැටුමටයි උත්සව අවස්ථාවටයි දෙකටම ගැලපෙන්න එක්ක තමයි ඇදුම නිර්මාණය කර ගත්තේ.
Copy chat 100 වැඩසටහනේ කළ නැටුම ගැන කතා කළොත්?
මමයි අකලංකයි නැටුම ඉදිරිපත් කළේ.. කීර්ති පැස්කුවල් හා ශානිකාගේ ගීතයකට කපිරිඤ්ඤා නර්තනයක්.
කවුද ඔයාගේ ඇඳුම මෙහෙම කරමු කියලා යෝජනා කළේ?
ඩිසයිනර් ස්ට්රෙඩ් නිර්මාණය කරන කෙනෙක්. අත දිගට දාලා ස්ට්රෙඩ් කරමු කියලා කිව්වෙ එයා. අම්මා තමයි පාට ගල් අල්ලමු කියලා කිව්වෙ.
කොහොමද ප්‍රතිචාර ඇඳුමට?
ගොඩක් අය අගය කළා.. ලස්සනයි කිව්වා. හිතුවට වඩා ලස්සනට වුණා. හැමෝම කිව්වා ලස්සනයි කියලා.
හිතලමද කැපිලා පේන්න මේ වගේ ඇඳුමක් නිර්මාණය කර ගත්තෙ?
අනේ නැ.. එහෙම කැපිලා පේන්න කියලා හිතාගෙන නම් නෙමේ.. ඒත් ඒක ලස්සනට වුණා.
ක්ෂේත්රයේ කටකතා හැදිලා නැද්ද?
දැනගන්න තරම් ලොකු කටකතාවක් නම් නෑ.. අනික මම හිතන්නෙ නැහැ ඒවා ගැන.
ක්ෂේත්රයේ නළුවන්ගෙන් ප්‍රේම ආරාධනා ලැබිලා නැද්ද?
යෝජනා නම් ඇවිත් තියෙනවා. ක්ෂේත්රයේ කෙනෙකුට කැමති වෙන්න බෑනේ.
පිරිමි යාළුවෙක් නැද්ද?
දැනට නම් නැහැ.. එහෙම විශේෂ කෙනෙක්.
ඒ කියන්නෙ ඉඳලා තියෙනවා.
අනේ නෑ.. අම්මා පස්සෙන්මනේ.. ඒ නිසා කවුරුත්වත් එන්නෙත් නෑ.
එතකොට විවාහය ගැන බලාපොරොත්තුවක් ඇත්තෙම නැද්ද?
එහෙම නෙමේ.. විවාහ යෝජනාවක් ආවා.ඒකට අම්මලා අපි හැමෝම කැමැත්තෙන් හිටියෙ. ඒ වුණාට ඒගොල්ලන්ට ඕන වුණේ ඉක්මන් විවාහයක්. අම්මලා කැමති මම තව අවුරුදු දෙකකින් විතර විවාහ වෙනවටයි.
තාමත් අධ්‍යාපනය හදාරණවද?
ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ජනමාධ්‍ය පාඨමාලාවක් හදාරණවා.
වැඩියෙන්ම කැමති චිත්‍රපටවලටද?නැත්නම් ටෙලිනාට්‍යවලටද?
මම දෙවර්ගයටම කැමතියි. ඒවායෙන් ලබන අත්දැකීම් විවිධයි. චිත්‍රපට ආරාධනා ලැබුණොත් හොඳ නිර්මාණයක් නම් අනිවාර්යෙන් සහභාගී වෙනවා.
ක්ෂේත්රයේ යාලුවෝ ඉන්නවද?
අනේ මට තරහාකාරයෝ නැහැ. යාළුවෝ තමයි ඔක්කොම. ඒ අතරින් ශිරෝෂි, හිරෝෂා ගොඩක් හිතවත්.
අලුත්ගම සහ බේරුවල සිද්ධිය ගැන මොකද හිතන්නෙ?
සිංහල ජාතිය කියන්නෙ ඉදිරියෙන් ඉන්න ඕන ජාතියක්. බුද්ධිමත්ව කටයුතු කරනවා නම් හොඳයි.
ඔයාට අභියෝගයක් වුණු ක්ෂේත්රයේ යාළුවෝ කවුද?
මට පුද්ගලයින් වශයෙන් නම් කවුරුත් අභියෝගයක් නෙමේ.. අභියෝගය කියන දේට කැමති හොඳ දැක්මක් තියෙන තරමට තමන් සාර්ථකයි. මට ලැබෙන නිර්මාණ නම් අභියෝගයක් විදිහට කරගෙන යනවා.
ඇඳුම් පැලඳුම් ගැන කතා කළොත්?
මම ලස්සනට අඳින්න කැමතියි.. මාව ලස්සන කරන්න අම්මත් කැමතියි. අපේ අම්මත් මගේ වයසෙදි ලස්සනට ඇඳ පැළඳගෙන හිටියා. එක එක විදිහෙ ස්ටයිල් කරන්න කැමතියි. අම්මත් එහෙමයි. මමත් එහෙමයි.
ඇත්තටම Copy Chat එකට ඇඳපු ඇඳුමට කීයක් වියදම් වුණාද?
අපෝ... ගාන නම් කියන්න බැහැ. ඒත් ලොකු ගාණක් වියදම් වුණා.
පවුලේ තොරතුරු කිව්වොත්?
අයියයි,නංගියි,තාත්තයි අම්මයි මමයි. අපි ඔක්කොම පස් දෙනයි.
පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය කොහොමද?
තාත්තාගේ සහයෝගයෙන් තමයි රංගනයට ආවේ.. අම්මා නම් පස්සෙන්මයි.ඇත්තටම පවුලෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා.
මොකක්ද ඔයාගේ බලාපොරොත්තුව?
ජනමාධ්‍ය අංශයෙන් ඉදිරියට යන්න තමයි බලාපොරොත්තුව. ඒ සඳහා තමයි වෙහෙසෙන්නේ.
පොඩි කාලේ ඉඳන්ම බලපොරොත්තුව ජනමාධ්‍යට සම්බන්ධ වෙන්නද?
පුංචිම කාලේ වෛද්‍යවරියක් වෙන්න අසාවෙන් හිටියා. හඳහනෙත් ඒකට වාසනාව තියෙනවා කියලා කිව්වා. උසස් පෙළ කරනකොට වාණිජ විෂය තෝරගෙන බැංකුවක සේවය කරන්න හිතුවා.. අන්තිමට රඟපෑමට එකත් වුණා.
රංගනය ගැන මොකද හිතන්නෙ?
රඟපැම කියන එක හැමෝටම කරන්න බැහැ. ඒක වාසනාවට ලැබෙන දෙයක්.හරියට අජීවි දේකට පණ පොවනවා වගේ.
රංගනයට එනකොට මොකද හිතුණේ?
බයක් තිබුණා.කට කතා හැදෙනවට ගොඩක් හොයලා බලලා ක්ෂේත්රයේ අයගෙන් අහලා බලලා හොඳ අවබෝධයකින් තමයි මේ ක්ෂේත්රයට ආවේ. මගේ දෙමව්පියන් නිරන්තරයෙන් මාත් සමග ඉන්න නිසා ඒක ලොකු හයියක්.
විනූ රංගනය පමණද ඉදිරියට කරන්නේ?
නිවේදනයට සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ.
ඉස්සරහට අපිට වැඩිපුර දකින්න ලැබේවි නේද?
හිතනවා එහෙම වේවි කියලා.. බලමුකෝ විද්‍යුත් මාධ්‍යය ඔස්සේ ප්‍රේක්ෂකයෝ අතර ඉන්න තමයි බලාපොරොත්තුව