ලෝකයේ සුවකළ නොහැකි රෝග අතරට අයත් වන ඒඩ්ස් රෝගයට නව එන්නතක් සොයාගෙන ඇති බව බ්‍රිතානයයේ ඩේලිමේල් පුවත් සේවය වාර්තා කරනවා.
මේ වන විට පර්යේෂණ මට්ටමේ පවතින් මෙම එන්නත ඒඩ්ස් වයිරසයට ගොදුරු වී සිටිනා කැඩනා ජාතික මව්වරුන් සිව්දෙනෙකුගේ අලූත උපන් බිළිඳුන් සිව් දෙනකුට එන්නත් කළ බවත් ඔවුන් සිව් දෙනාගෙන් තිදෙනකුගේ සිරුරුවලින් වයිරසය තුරන් කිරීමට හැකි වුණු බවත් බටහිර වෛද්‍යවරු පවසනවා. පර්යේෂණයට යොදාගනු ලැබූ සිව්වැනි බිළිදාගේ වයිරසය යම්තාක් දුරකට අඩපණ වූ බවයි වෛද්‍යවරුන් පවසන්නේ.
අදාළ බිළිදුන්ට පර්යේෂණ මට්ටමේ පවතින් එම එන්නත ලබා දී ඇත්තේ ඔවුන් මෙලොවට ඉපදී පළමු පැය කිහිපයක් තුළදී වීම විශේෂත්වයක්. මෙම නව එන්නත සම්බන්ධයෙන් බොහෝ වෛද්‍යවරුන් සැක පළ කර ඇති බවයි ඩේලිමේල් පුවත් සේවය වාර්තා කරන්නේ. නමුත් එම එන්නත සම්බන්ධයෙන් ජූලි මස 20 වැනිදා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදි පැවැත්වීමට නියමිත ඒඩ්ස් සමුළුවේදී සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.