පසුගිය දිනවල වෙබ් අඩවි කිහිපයක් වාර්තා කර තිබුණේ ජනාධිපතිතුමාගේ ආරාධනාවකට අනුව හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉදිරි මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට සූදානම් වන බවයි. ඒ අතරම තවත් සමහර වෙබ් අඩවි පළ කර තිබුණේ රේනෝ සිල්වා මහතා මැතිවරණය සඳහා ඉදිරිපත් වන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් බවයි.
කෙසේ වෙතත්, හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා ප්‍රකාශ කර සිටින්නේ තමාට දේශපාලනයට පිවිසීමට අදහසක් නැති බවත් මේ සියලු වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බවයි.
පසුගිය දිනවල තමාට අයත් හිරු මාධ්‍ය ජාලය මගින් සිදුකළ දැවැන්ත සමාජ සත්කාර හා පුන්‍ය කටයුතු හේතුවෙන් මෙවැනි කටකතා පැතිරෙන්නට ඇති බවත් ඒවා හුදු ලාභ ප්‍රයෝජන බලාපොරොත්තුවෙන් සිදුකළ ඒවා නොව ශ්‍රද්ධාවම පෙරටු කොට සිදුකළ දේවල් බවත් හිරු මාධ්‍ය ජාලයේ සභාපතිතුමා වැඩිදුරටත් පවසා සිටියා.
තමා සමාජයට වැඩදායක පුන්‍ය කටයුතුවල නිරත වීම අද ඊයේ සිදුවූ දෙයක් නොව බොහෝ කාලයක සිටම අඛණ්ඩව කරගෙන ආ කාර්යයක් බවත් සිහිපත් කරන රේනෝ සිල්වා මහතා මෙම කටකතාවලට හේතුව වන්නේ එම සත් ක්‍රියා මෑතක සිට බොහෝ දෙනා නැරඹීමෙන් සමාජය තුළ වඩාත් කතාබහට ලක්වූ නිසා බවත් සඳහන් කළා.
තමන් මෙන්ම තම පවුලේ කිසිවෙකුත් සමාජ සත්කාරයේ යෙදී සිටින්නේ පෞද්ගලික වාසි තකා නොව එය තම පවුලේ අයගේ සාමාන්‍ය ස්වභාවය නිසා බවත් රේනෝ සිල්වා මහතා පැවසුවා.
අනෙක් අය මනින මිම්මෙන් තමා ද තක්සේරු කිරීම ඔහු දැඩි සේ ප්‍රතික්ෂේප කළ අතර,
"මැතිවරණයකට ඉස්සෙල්ලා හැමදාම ඔහොම තමයි. මම දේශපාලනයට එනවා කියලා කටකතා පැතිරෙනවා. මේ සැරේ විතරක් නෙමෙයි ගිය සැරේ මැතිවරණයේදීත් ඔහොමම වුණා."
යැයි සිනාසෙමින් පැවසුවා.