පුංචි තිරයෙන් රසික හදවත් දිනාගත්තු චරිතයක් තමයි ලක්ෂිකා ජයවර්ධන කියන්නේ.
පසුගිය දවසක ලක්ෂිකාගේ උපන්දිනය වෙනුවෙන් කලා ලොවේ තරුත් එක්ක උපන්දින සාදයකුත් පවත්වලා තිබුණා.
ඒ වගේම ලක්ෂිකා ගැන එක එක කටකතාත් හැමතැනම වගේ පැතිරෙන්න ගත්තා. මේ හැමදේම ගැන අපි ලක්ෂිකාගෙන් අහලා බැලුවා.
ලක්ෂිකා මේ දවස්වල අලුත්ම විස්තර මොනවාද?
විශේෂ දේකුත් නෑ. අලුත් අවුරුද්දේ වෙනදා වගේම වැඩ ටික කරගෙන ඉන්නවා. අලුත් දේකට කියලා කියන්න තියෙන්නේ බිස්නස් එකක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
ළඟදි තිබ්බ උපන්දින සාදය දුන්නේ ලක්ෂිකාට සම්බන්ධ විශේෂ කෙනෙක්ද?
එහෙම විශේෂත්වය ගෙන කටයුතු කළ කෙනෙක් නම් නැහැ.
පෙම්වතාගෙන් ටෙඩියෙක් ලැබුණ කියලා ආරංචියි?
බොරු කතා. ටෙඩියෙක්......? උපන්දිනය දවසේද? ඇත්තම කතාව කවුරුත් දන්නේ නෑ. එහෙම ටෙඩියෙක් තාම නම් හම්බවුනේ නැහැ.
ලක්ෂිකා විවාහය ගැන මොකද හිතන්නේ?
ළඟදි විවාහ වෙන්න කියලා අදහසක් නම් නැහැ. විවාහය කියලා කියන්නේ ගොඩක් හොදට තීරණය කරලා හිතලා බලලා තීන්දු තීරණ ගන්න ඕනේ වැඩක් කියලා තමයි ම හිතන්නේ.
ඒ නිසා ඒකට ඉක්මන් නොවි තමුන්ට ගැළපෙන කෙනාව හම්බවෙනකල් ඉන්න ඔනේ. ජිවිතේ වැඩි කාලයක්ම ජීවත්වෙන්න වෙන්නේ ඒ මනුස්සයත් එක්කනේ.
මම කැමති නැහැ කසාද බැඳලා නැවත් ඩිවොස් වෙන්න මම කැමති නැහැ. ඒ නිසා හරිම කෙනා හම්බ වුණාට පස්සේ ඒ ගැන තීරණය කරනවා.
ලක්ෂිකා කියන්නේ ඇඟ පේන්න ඇදුම් අදින කෙනෙක්ද?
ඇඟ පේන්න අදිනවා කියන එකට නිර්ණායකයක් දෙන්න බැහැ. පුද්ගලයින් අනුව ඒ වචනය සාපේක්ෂයි.
මම හිතනවා ඇඟ පේන්න ඇඳම් අඳින්නේ නැහැ කියලා. මම හිතන්නේ නැහැ මගේ වයසත් එක්ක මම ලස්සනට ඇඳලා ඉන්න එක වැරැද්දක් කියලා. හැබැයි මම හිතන්නේ ඇඟ පේනවා කියන එක සාපේක්ෂයි. කෙනෙකුගේ හිතන මට්ටම සංස්කෘතිය අනුව තමයි කොටට අදින්වා කියන එක පදනම් වෙන්නේ.
ලංකාවේ වර්තමානයේ මට වැඩිය ඇඟපේන්න අඳින් නළු නිළියෝ ඉන්නවා.
අනාගත බලාපොරොත්තු මොනවාද?