සෞදි කුමාරයෙකු පසුගිය සඳුදා දින (31) උකුස්සන් 80ක් සමඟ ගුවන් යානයක ගමන්ගත් බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඔවුන් පවසා සිටියේ වසර ගණනාවක් තිස්සේ ඔවුන් තමන් විසින් ඇතිදැඩි කරගන්නා උකුස්සන්ට දඩයම් කිරීම පුහුණු කරන අතර මෙසේ උකුස්සන් සමඟ ගුවන් යානයක ගමන් කිරීම ඔවුන්ට නුපුරුදු කරුණක් නොවන බවයි. මෙසේ උකුස්සන් දඩයමට පුහුණු කිරීම ආදී කාලයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැවත එන්නක් බවද ඔවුන් තවදුරටත් කියා සිටියි.
එසේම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික පක්ෂියාද උකුස්සා වේ.
එරට වාර්තා වලට අනුව මෙසේ ගමන්ගන්නා සෑම උකුස්සෙකුටම තමන්ගේම විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කර ඇති අතර ඒ ඒ උකුස්සාට ඔවුන්ගේම කියා අසුනක් සහ අවශ්‍ය සියලුම පහසුකම් එම ගුවන් යානා තුල ඒ අයුරින්ම ලබා දීමට ඔවුන් කටයුතු සලස්වා ඇත.
මෙසේ විදේශ ගමන් බලපත්‍රයක් සහිත උකුස්සෙකුට තම ගමන් බලපත්‍රය භාවිතා කොට බහරේන්, කුවේට්, කටාර්, සෞදි අරාබිය, පකිස්තානය, මොරොක්කෝව සහ සිරියාව යන රටවලට ගමන් කිරීමේ අවසර ලබා දී ඇත.
එරට පාරිසරික සහ දේශගුණික විපර්යාස අමාත්‍යාංශය පවසන පරිදි උකුස්සෙකුගේ විදේශ ගමන් බලපත්‍රය අවුරුදු 3ක් දක්වා වලංගු වේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ The National වෙබ් අඩවි වාර්තා වලට අනුව 2015 දී Flydubai හි ගුවන් යානයක උකුස්සන් උදෙසාම වූ ව්‍යාපාරිකමය මැදිරියක් ද වෙන් කර ඇත.
එම මැදිරිය තුල උකුස්සන්ගේ සියලුම ලිපි ලේඛන අනතර්ගත කර ඇති අතර ගුවන් යානයේ ගමන් කිරීමට අවසර ලද පිරිසක් ලෙස උකුස්සන් නම් කර ඇත.