ජනප්‍රිය ගායන ශිල්පියෙක් ලෙස තරුණ තරුණියන් අතරට "දුඹුරු ලමිස්සියෙක්" ගෙනල්ල දුන්න ඉන්දික රුවන් නැත්නම් "රූනි " දැන් ජීවිතේ වැදගත් තීරණයක් අරන් තියෙනවා.
"මහා සුපිරි තරු සංග්‍රාමය" Hiru Megastars වේදිකාවේ ශක්‍යන්ස් තරු කණ්ඩායමේ සුපිරි තරුවක් වූ රූනි මේ ගැන හිරු ගොසිප් අපිට කිව්වේ මේ විදියට.
කොහොමද රූනි දුඹුරු ළමිස්සි හමුවුණේ ?
මීට අවුරුද්දකට විතර කලින් තමයි හමුවුණේ. එයා මගේ සිංදු වලට ගොඩාක් කැමති කෙනෙක්.එයා එහෙ ඉඳන් මගේ දුඹුරු ළමිස්සි වගේ කියන ගීතය අහලා තියෙනවා. Instragram වලින් තමයි එයා මට හමුවුණේ.
ඉතින් දුඹුරු ලමිස්සි ලංකාවේ කෙනෙක්ද ?
නැහැ. එයා ලංකාවේ කෙනෙක් නෙවෙයි. එයා ඕස්ට්‍රේලියාවේ කෙනෙක්.
පෙම්වතියගේ නමත් කිව්වොත් බලන්න ?
එයා ෂෙරින්.
ෂෙරින් ඔයාට ගැලපෙනවද කියලා හිතුවේ කොහමද ?
අවුරුද්දක විතර ඉඳන් තමයි මං එයා එක්ක කථා කළේ. ඉතින් එහෙම අඳුරගෙන කථා කරද්දී ෂෙරින් මට ගැලපෙනවා කියලා හිතුණා. එයා ලංකාවටඇවිල්ලා ගියා.
රූනි කේන්දර විශ්වාස කරනවද ?
නැහැ. මම කේන්දර විශ්වාස කරන්නේ නැහැ. දෙපැත්තෙන්ම කැමතිවෙලා තියෙන්නේ.
ළඟදීම විවාහ වෙනවද ?
අපි හිතන් ඉන්නේ මේ අවුරුද්දේ නොවැම්බර් මාසේ විවාහා වෙන්න. ලංකාවේ තමයි වෙඩින් එක ගන්න හිතන් ඉන්නේ.
ෂෙරින් කලා කටයුතු වලට සම්බන්ධ කෙනෙක්ද ?
නැහැ. එයා කලාවට සම්බන්ධ නැහැ. වෙනත් ක්ෂේත්‍රයක රැකියාවක් කරන කෙනෙක්.