නවක පරපුරේ කලා ශිල්පිනියක් තමයි සචිනි රුවන්තිකා කියන්නේ.
හිරු ටීවී ඔස්සේ විකාශයවුනු "උරුමක්කාරයෝ" ටෙලිනාට්‍යය තුළින් තව තවත් රසික හදවත්වලට සමීපවුණු ඇය නිරූපණ ශිල්පිනියක්.
ඇය රංගනයට වඩා බලාපොරොත්තු වෙන්නේ වෙන ක්ෂේත්‍රයකින් ඉදිරියට යන්න කියලා ආරංචිවුණා.
ඉතින් සචිනි ඒ ගැනත් සඳහන් කරලා ඇයගේ ජීවිතේ ඉදිරි කලා කටයුතු මොනවද කියලා සඳහන් කරලා පුවත්පතකට මෙලෙස අදහස් දක්වලා තිබුණා.
මේ දවස්වල කාර්යබහුලද ?
එච්චරම කාර්යබහුල නැහැ. එක ටෙලිනාට්‍යයක රූගත කිරීම් කරනවා. ඊට අමතරව වෙළෙඳ දැන්වීම් කිහිපයක් කළා.
ක්‍ෂේත්‍රයට පිවිසීම ?
මම නිරූපණ කටයුතුවලින් තමයි ඉස්සර වෙලාම ක්‍ෂේත්‍රයට ආවේ. මම මුලින්ම PhotoShoot එකක් කළා. වෙළෙඳ දැන්වීම් සඳහා සම්බන්ධ වුණා. එතැනින් තමයි ක්‍ෂේත්‍රයට පිවිසුණේ.
නිරූපණය අතෑරලා රංගනයට පිවිසිලාද ?
නිරූපණය නවත්වලා නැහැ. මම වෙළෙඳ දැන්වීමෙන් පසු තමයි රංගනයට එකතු වුණේ.
රංගනය පැත්තෙන් වැඩකටයුතු ?
මම රංගනයෙන් මුලින්ම දායකත්වය දුන්නෙ ශිවගුරුනාදන් සර්ගෙ නාට්‍යයකට. එතුමාගේ නාට්‍යයකින් මම රංගනයට පිවිසීම ගැන මම ගොඩක් සතුටු වෙනවා. මම අනිත්මට දායක වුණේ හිරු ටීවී එකේ උරුමක්කාරයෝ ටෙලිනාට්‍යයට. ඉන් පස්සෙ අලුත් නාට්‍යයකට ආරාධනා ලැබුණා. මේ දවස්වල ඒ සඳහා රූගත කිරීම් කරනවා. එය ඉදිරියේදී විකාශනය වෙයි.
ක්‍ෂේත්‍රයට පිවිසීමට ගෙදරින් ලැබුණු සහයෝගය කොහොමද ?
මුලදි නම් තාත්තා අකමැති වුණා. නමුත් මගෙ ආසාව තිබුණෙ මේ ක්‍ෂේත්‍රයට නිසාත්, තෝරා බේරා ගෙන වැඩකටයුතු භාරගැනීම කරන නිසාත් තාත්තාගෙන් කැමැත්ත ලැබුණා.
නිරූපණයට මූලිකව බලපාන කාරණය තමයි ලස්සන කියන දේ. ඒ දේ නැතිව අද කාලයේ මේ ක්‍ෂේත්‍රයේ නියැළෙන්න පුළුවන්ද?
නිරූණයට ලස්සන විතරක් නෙවෙයි හැකියාවත් ඕනෙ. ලස්සන විතරක් තියෙද්දි ගමනක් යන්න බැහැ. විශේෂයෙන් පෞරුෂත්වය සහ දක්ෂකමත් බලපානවා.
ඔබ රංගන පිළිබඳ හැදෑරීමක් කරලා තියෙනවාද ?
රංගන පිළිබඳ මම රවීන්ද්‍ර විජේරත්න යටතේ හැදෑරීමක් කළා. ඒ ඩිප්ලෝමාව දැන් අවසන්.
අද නවකයන් බොහොමයක් ක්‍ෂේත්‍රයට එනවා. නමුත් ඔවුන් සෑමදෙනාටම ක්‍ෂේත්‍රය තුළ පැවැත්මක් නැහැ. ඔබත් නවකයෙක් විදියට ක්‍ෂේත්‍රයේ රැඳී ඉන්න කළයුතුදේ විදියට ඔබ දක්වන අදහස ?
ක්‍ෂේත්‍රයේ රැඳී ඉන්න නම් ජනප්‍රියත්වය පස්සේ දුවන්නෙ නැතිව තමන්ට පුළුවන් හොඳ නිර්මාණවලට, ක්‍ෂේත්‍රය පිළිබඳ හැදෑරීමක් කරලා හෙමින් ගමනක් ගියොත් පැවැත්මක් තියෙනවා.
සචිනි කියන්නෙ ජනප්‍රියත්වය පස්සෙ දුවන කෙනෙක් නෙවෙයිද ?
නැහැ. මම ජනප්‍රියත්වය පස්සෙ යන්නෙ නැහැ. එහෙම ගියොත් අපි ක්‍ෂේත්‍රය තුළ ඉන්න කාලය කෙටියි කියලා මට හැඟෙනවා.
නිර්මාණ සඳහා දායක වීමේදී ඔබත් යම්කිසි රාමුවක් තුළ කොටුවෙලාද ?
මම කැමතියි විවිධ චරිත කරන්න. හැබැයි විවිධ චරිත කරද්දි මම තෝරලා, බේරලා තමයි කරන්නෙ. ගෙදර අයගෙත් කැමැත්ත ඇතුව, හොඳ මට ගැළපෙන නිර්මාණ තියෙනවානම් විතරයි මම දායක වෙන්නෙ.
වෘත්තිය වශයෙන් තෝරාගන්නෙ රංගනයද ? වෙනත් ක්‍ෂේත්‍රයක්ද ?
වෘත්තිය වශයෙන් රංගනය කරන්න බලාපොරොත්තුවක් නැහැ. මම කොහොමත් වෙළෙඳ දැන්වීම් සඳහා දායක වෙනවා.
නිරූපණයද ඔබේ වෘත්තීය ?
නැහැ. එයත් මම වෘත්තීය වශයෙන් කරන්නෙ නැහැ. මම ඉගෙන ගනිමින් තමයි ඉන්නෙ. අනාගතයේදී ව්‍යාපාරික කටයුත්තක් කරන්න බලාපොරොත්තුව තියෙනවා.
ක්‍ෂේත්‍රයට පැමිණීමට ගෙදරින් අවසරය නොලැබුණානම් ඔබ අද කුමන ක්‍ෂේත්‍රයක හිඳීවිද ?
නර්ථනය පැත්තෙන් ඉදිරියට යන්න ඉඩතිබුණා. තවමත් මම නර්තනය අතෑරලා නැහැ. එහෙමත් නැතිනම් මගෙ තාත්තත් ලංකාවේ නැති නිසා මම විදේශගත වෙන්න ඉඩ තිබුණා.
ඔබ දැන් සිටින ස්ථානය ගැන ඔබ තෘප්තිමත්ද ?
තවම මම ක්‍ෂේත්‍රයට ඇවිත් වැඩි කාලයක් නැහැ. තවම අවුරුදු එකහමාරක් විතර තමයි වෙන්නෙ. මට ගොඩක් හොඳ නිර්මාණවලට දායක වෙන්න ලැබුණා මේ ටික කාලෙට. ඉතිං මම තෘප්තිමත් මම මේ ඉන්න තත්ත්වය ගැන.
ඔබගේ ඉදිරි වැඩකටයුතු සහ බලාපොරොත්තු මොනවාද ?
දැනට එක නාට්‍යයක රූගත කිරීම් කරනවා. ඒ වගේම තව වෙළෙඳ දැන්වීම් ලැබිලා තියෙනවා. ඒ වගේම මට ගැළපෙන හොඳ නිර්මාණ ලැබුණොත් අනිවාර්යෙන්ම දායක වෙනවා.
මතක් කළ යුතු පිරිසක් ඉන්නවාද ?
මගේ අම්මාව, තාත්තාව අනිවාර්යයෙන්ම මතක් කළ යුතුයි. නිරූපණ ක්‍ෂේත්‍රයට පැමිණෙන්න මට අතහිත දුන්න හැමෝවම මතක් කළ යුතුයි. ඒ හැමදෙනාටම ස්තූතියි.