ඒ ඇයගේ මුළු ලෝකයම වන ඇගේ ආදරණීය පුතුගේ උපන්දිනයයි...
තම ආදරණීය පුතා සමඟ උපන්දිනය සමරන සුන්දර අවස්ථාවක ලබාගත් අපූරු ඡායාරූප කිහිපයක් සමඟින්, ඇය ඔහුට ලබාදුන් විශේෂ සප්රයිස් තෑග්ගක අපූරුය ඡායාරූප ද ඇය සිය මුහුණුපොතට එක්කර තිබුණා.
මෙම සුන්දර අවස්ථාව තවත් අර්ථවත් කරමින් ඇය තම පුතුට එකතු කර තිබූ සංවේදී සහ ආදරණීය සටහන මෙන්න...
"මගේ ආදරණීය පුතේ කවි, ඔබට සුබම සුබ උපන්දිනයක් වේවා... ඔබ මගේ ජීවිතයට ලැබුණු වටිනාම ආශීර්වාදයන්ගෙන් එකක්. ඔබේ මව වීමට ලැබීම ගැන මම හදවතින්ම සතුටු වෙනවා.
දෙවියන් වහන්සේ සැමදා ඔබව ආරක්ෂා කරමින් නිවැරදි මඟ පෙන්වා දේවා....සතුට, නිරෝගී සුවය, සාර්ථකත්වය සහ නිමක් නැති ආදරය ඔබේ ජීවිතයට ලැබේවා...
ඔබේ හැම දවසක්ම සිනහවෙන් පිරී ඉතිරී යේවා... ඔබේ හදවතට සැනසීමත්, අනාගතයට සුන්දර අවස්ථාවනුත් උදාවේවා... ඔබ ගැන විශ්වාසය තබාගෙන ඔබේ සිහින කරා යන්න. ඔබට දිරි දෙමින් සැමදා ඔබේ ළඟින්ම මම සිටිනවා.
ඔබ අද වන විට හැදී වැඩී ඇති ආදරණීය, කරුණාවන්ත සහ සුවිශේෂී පුද්ගලයා ගැන මට තිබෙන්නේ නිමක් නැති ආඩම්බරයක්. මේ ලෝකයේ අන් සියල්ලටම වඩා මම ඔබට ආදරෙයි මගේ පුතේ...
ඔබේ උපන්දිනය ඉතාමත් සුන්දර, සතුටින් පිරුණු දිනයක් වේවා මගේ පුංචි පුතේ"
