ඒ නිවසක් තුළදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර, ඇයට පහරදුන් පුද්ගලයාද සියදිවි හානිකර ගැනීමේ සිදුවීමක් නිසාවෙන්...
ඊයේ (04) දහවල් කාලයේ සිදුවූ මෙම ඛේදනීය සිදුවීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව පුස්සැල්ලාව පොලිසිය මගින් පරීක්ෂණ ආරම්භ කරලා තියෙනවා..
මෙලෙස මියගොස් ඇත්තේ දොරගල ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි කාන්තාවක් සහ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වෙලා තියෙන්නේ මියගිය කාන්තාව සිය පළමු විවාහයෙන් වෙන්ව සිට ඇති අතර, පසුව මෙම සැකකාර පුද්ගලයා සමඟ ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති බවයි...
සිද්ධිය වූ දින කාන්තාවගේ නිවසේදී දෙදෙනා අතර ඇතිවූ උණුසුම් ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති අතර, අනතුරුව සැකකරුද එම ස්ථානයේදීම සියදිවි හානිකරගෙන තිබෙනවා කියලා තමයි දැන ගන්න ලැබෙන්නේ...
කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුස්සැල්ලාව පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.