Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්




Hiru News Advertisement Hiru News Advertisement
Nov
04
"ඒක නවක වදයක් නෙවෙයි, එඩිට් කරපු වීඩියෝවක්.. ළමයි දෙන්නෙක් පොඩි දේකට බහින්බස්වීමකට ගිය සිදුවීමක්..." නවක වද සිද්ධිය ගැන හෙළි වූ කතාව

- "ඒක නවක වදයක් නෙවෙයි, එඩිට් කරපු වීඩියෝවක්.. ළමයි දෙන්නෙක් පොඩි දේකට බහින්බස්වීමකට ගිය සිදුවීමක්..." නවක වද සිද්ධිය ගැන හෙළි වූ කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4 Views

ගම්පහ වික්‍රමආරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ කැන්ටින් එකේදී සිදුවූවා යැයි කියන සිදුවීමක් මුල් කරගෙන මෑතකදී සමාජ මාධ්‍ය පුරා දැඩි ආන්දෝලනයක් ඇති වුණා මතක ඇතිනේ.


නවකවදයක් ලෙස හුවමාරු වූ එම වීඩියෝව සම්බන්ධයෙන් ගම්පහ වික්‍රමආරච්චි දේශීය වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය හෙළිදරව්වක් කරලා තියෙනවා.

ඒ අනුව මේ සිදු වීම සම්බන්දයෙන් ගම්පහ වික්‍රමආරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය " සමාජ මාධ්‍යයේ සංසරණය වන නවක වදය සම්බන්ධ ප්‍රචාරය පිළිබඳව නිවැරදි කිරීම සම්බන්ධවයි ' ලෙස සඳහන් කරමින් ලිපියක් නිකුත් කර තිබෙනවා....

එහි සදහන් වන්නේ මෙවැනි දෙයක්....

"2026.11.03 වන දින සමාජ මාධ්‍යයෙහි ගම්පහ වික්‍රමආරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් නවක සිසුන්ට නවකවදය ලබාදීම සම්බන්ධව විකාශී කළ වීඩියෝවක් සංසරණය වේ. අප විශ්වවිද්‍යාලය තුළ මේ වන විට කිසිදු ආකාරයක නවකවදය සිදු නොවන අතර, එවැන්නක් සිදු වී ඇති බවට විශ්වවිද්‍යාල පරිපාලනය, ශිෂ්‍ය සංගමය, උපකුලපති කාර්යාලය, ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය උපදේශක සහ විනය පාලක යන මේ කිසිවෙකු වෙත කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැත.

මෙය හුදෙක් ශිෂ්‍ය කණ්ඩායමක් අතර සිදු වූ ගැටුමක් හේතුවෙන් පැන නැගී ඇති අර්බුදකාරී තත්වයකි. මෙම ගැටුම පිළිබඳව පැමිණිල්ලක් ලැබී නොමැති වුවත් මේ පිළිබඳව විනය පරීක්ෂණයක් විශ්වවිද්‍යාලය මගින් පැවැත්වේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම වීඩියෝ පටයෙහි සිටින ශිෂ්‍යයන් සහ ශිෂ්‍යාවන් කිහිපදෙනෙකු වෙත සමාජ මාධ්‍ය තුළ දැඩි බලපෑමක් එල්ල වෙමින් පවතී. මෙය අදාළ සිසුන්ගේ පෞද්ගලිකත්වයට සහ ආරක්ෂාවට බරපතල තර්ජනයක් වන අතර එම වීඩියෝව පටයෙහි ඇති ඇතැම් සටහන් හුවා දැක්වීමක් සිදු තිබේ....

(උපුටා ගැනීම අවසන් )

මේ සම්බන්ධයෙන් දේශීය වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ සංස්කාරක ජෙනීත් සසේන්ද්‍රගෙන් කළ විමසීමේදී ඔහු ඉතා වැදගත් කරුණු කිහිපයක් අනාවරණය කළා.

"ඇත්තටම මෙම සිදුවීම නවක වද සිදුවීමක් නෙවෙයි... ළමයි දෙන්නෙක් පොඩි දේකට බහින්බස්වීමකට ගිය සිදුවීමක්. අදාළ වීඩියෝවේ මැද කොටස එඩිට් කරලා තියෙන්නේ. අනිත් පැත්තේ හිටපු පිරිමි ළමයා ගැහැණු ළමයට ගහලා, ඒ කියන්නේ නැගිටිද්දී අත වැදිලා, ඒකට ආවේගශීලීව කටයුතු කරන කොටස තමයි ඔය දෙවැනි කොටසට ඇවිත් තියෙන්නේ. ඒ කොටස් දෙකම එකට එකතු කරලා තමයි තනි වීඩියෝ එකක් විදිහට දාලා තියෙන්නේ...

කැම්පස් එකේ බැච් තුනක් ඉද්දී කොහොමවත් නවක වදයක් වෙන්නේ නැහැ. කැම්පස් එකේ නමට හානියක් කරන්න තමයි ඇත්තටම ඒ වගේ දෙයක් කරලා තියෙන්නේ..."
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins
-->



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top