2 Views
දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී මේ වනවිට පැවැත්වෙන 55 වැනි හිරු ජෝන් ටාබට් කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී කොළඹ කාන්තා විද්‍යාලයීය ක්‍රීඩිකාවන් විශේෂ දක්ෂතාවක් පෙන්නුම් කිරීමට සමත්ව තිබෙනවා.
ඒ, වයස අවුරුදු 13න් පහළ කාන්තා මීටර් 200 ඉසව්වේ අර්ධ අවසන් තරගයේ ජය තමන් සතු කරගනිමින්.
දිවයිනේ පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ජාතික හා ජාත්‍යන්තර තලයට රැගෙන යන මෙම තරගාවලිය සඳහා පාසල් 1,100කට අයත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 7,000කට වැඩි පිරිසක් එක්වීමට නියමිතයි.
වයස අවුරුදු 15ට අඩු වයස් කාණ්ඩ හතරක් යටතේ තරග ඉසව් පැවැත්වෙන මෙම තරගාවලිය නොවැම්බර් මස 7 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
කනිෂ්ඨ මලල ක්‍රීඩා පිටියේ දක්ෂයින් ජාතික තලයට පමණක් නොව ජාත්‍යන්තර තලයටත් ඔසවා තබන හිරු ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරගාවලියේ ජ්‍යෙෂ්ඨ අංශයේ තරග පසුගිය මාසයේදී දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදීම පැවැත්වුණා.
මෙවර කනිෂ්ඨ තරගාවලිය තුළින්ද අනාගත ශ්‍රී ලංකා මලල ක්‍රීඩා පිටියට නව දක්ෂයින් රැසක් බිහිවනු ඇති බවට ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තුවයි.

