1915 ජුනි 4 වනදා උපත ලැබූ මෙනියල් සීයා, මේ තරම් වයසට ගියත් තාමත් හොද මතක ශක්තියකින් සහ හොඳ මානසික සෞඛ්‍යයකින් තමයි ඉන්නේ. වයස ගැන කිසිම ගාණක් නැතුව හොඳ සිහියෙන් ඉන්න එතුමා, දැන් ඉන්නේ පවුලේ අයගේ කාරුණික රැකවරණය මැද හරිම සතුටින්.
ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය කියන විදිහට, මේ අපූරු සීයා දරුවන් 9 දෙනෙක්ගේ පියෙක්. ඒ අතරට පුතුන් 5 දෙනෙකුයි, දියණියන් 4 දෙනෙකුයි ඇතුළත්. අවාසනාවකට වගේ එතුමාගේ වැඩිමහල් දරුවා නම් දැන් ජීවතුන් අතර නැහැ. ඒත් අනිත් දරුවෝ 8 දෙනා නම් තාමත් හොඳ සෞඛ්‍ය තත්වයෙන් ඉන්නවා.
ඒ විතරක් නෙවෙයි, මේ පවුලේ මුණුබුරන් 92ක් සහ මී මුණුබුරන් 12ක් ඉන්නවා කිව්වොත් ඔයාලා පුදුම වෙයි...
සීයාගේ අනාගතේ සහ සතුට වෙනුවෙන් එතුමාගේ දරුවෝ හැමෝම එකතු වෙලා අවශ්‍ය කරන හැම පහසුකමක්ම ලබා දෙන අතර, එයාලා හැම වෙලාවෙම සීයා එක්ක එකතු වෙලා හරි සතුටින් කාලය ගත කරනවා කියලයි ආරංචි වෙන්නේ.