මෙවරත් එම සෙනෙහස අත්විඳීමට ලොව පුරා රටවලින් මෙන්ම ඉන්දියාවේ නන් දෙසින් පැමිණි රසිකයෝ මන්නත් නිවස ඉදිරිපිටට එක්ව සිටියා...
රසිකයින්ගේ දැඩි උද්යෝගය සහ ප්‍රීතිඝෝෂා මධ්‍යයේ බැල්කනියට පැමිණි ෂාරුක් ඛාන්, සිය සුපුරුදු ආදරණීය ඉරියව් වලින් (විශේෂිත අත් වැළඳ ගැනීමේ ඉරියව්වෙන්) සහ සිනහවෙන් ඔවුන් පිළිගත්තා. තමා වෙනුවෙන් පැය ගණනක් බලා සිටි, තමාට දිවි හිමියෙන් ආදරය කරන රසිකයින්ට ගෞරවයක් ලෙස ඔහු සිය දෑත් එකතු කර නමස්කාර කරමින් සහ හිස නමා ආචාර කරමින් ඔවුන්ගේ ප්‍රේමයට ප්‍රතිචාර දැක්වීම ලොව පුරා කාගේත් අවධානයට ලක් වුණා...
මෙම අවස්ථාවට එක් වූ රසිකයෝ ෂාරුක් වෙනුවෙන් විශේෂ කේක් කැපීම්, නර්තන අංග මෙන්ම සුබ පැතුම් රැස්වීම් ද සංවිධානය කර තිබූ අතර, ෂාරුක් ද තම ජංගම දුරකථනවලින් එම අමතක නොවන මොහොත සටහන් කර ගැනීමට රසිකයින්ට අවස්ථාව සලසා දුන්නා...