ඊයේ (නොවැම්බර් 03) සවස් කාලයේදී මෙම හද කම්පා කරවන සිදුවීම වාර්තා වී ඇත්තේ තෙල්දෙණිය, ඔරුතොට පාලම ආසන්න ප්‍රදේශයෙන්.
වික්ටෝරියා ජලාශය යනු අතිශය දැඩි ගැඹුරකින් යුත්, ප්‍රබල ජල ධාරාවන්ගෙන් සමන්විත ඉතා අවදානම් සහගත ජලාශයකි. එවන් භයානක පරිසරයක, සියදිවි හානි කර ගැනීමට ජලාශයට පැනීමට උත්සාහ කළ තරුණිය දෙස බලා සිටින්නට ඔරුතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන චන්දන බණ්ඩාර මහතාට හදවත ඉඩ දී තිබුණේ නෑ...
කිසිදු තත්පරයක් අපතේ නොයවා, මොහොතක්වත් පැකිළීමකින් තොරව ඔහු එම මරණයේ දිය කඳට පැන ඇත්තේ අහිංසක ජීවිතයක් බේරා ගැනීමේ එකම පරමාර්ථය ඇතිවයි.
ජලාශයේ රළ අතර දැඩි වෙහෙසක් දරමින්, බිහිසුණු ජල පහරට එරෙහිව සටන් කරමින් ඔහු එම තරුණියව ඉතා අපහසුවෙන් ආරක්ෂිතව ගොඩබිම වෙත රැගෙන ඒමට සමත් වුණා...
මිනිස්කම තවමත් ලෝකයේ ඉතිරිව ඇතැයි යන්න යළිත් වරක් තහවුරු කළ මෙම අපූරු සිදුවීම මේ වන විට කාගෙත් නෙතට කඳුළක් එක්කරමින් සමාජ මාධ්‍ය පුරා දැඩි පැසසුමට ලක්වෙමින් තිබෙනවා.