නවක වදයට එරෙහිව නැගී සිටි සිසුන් පිරිසකට, එම පීඨයේම ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් විසින් ඉතා අමානුෂික සහ පහත් අයුරින් සලකන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය පුරා දැඩි ආන්දෝලනයක් ඇති කරලා තියෙනවා.
වාර්තා වන ආකාරයට මෙම සිදුවීම සිදුවී ඇත්තේ අදාළ සිසුන් පිරිසක් විශ්වවිද්‍යාල ආපන ශාලාවේ ආහාර ගනිමින් සිටින අවස්ථාවක. නවක වදයට විරුද්ධ වීම හේතුවෙන් දැඩි කෝපයට පත් ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක්, එම සිසුන් වට කරමින් ඔවුන්ට ඉතා අසෝබන ලෙස බැන වදින ආකාරය අන්තර්ජාලය වෙත මුදාහැරලා තියෙනවා.
ගැටලුව කුමක් වුවත්, රටක අනාගතය බාර ගැනීමට සිටින බුද්ධිමතුන් යැයි සම්භාවනාවට පාත්‍ර වන විශ්වවිද්‍යාල සිසුන් මෙවැනි පහත් මට්ටමකට වැටී හැසිරීම සම්බන්ධයෙන් මේ වන විට සමාජයෙන් දැඩි දෝෂදර්ශනයට ලක්වෙමින් තිබෙනවා.