තමන්ගේ ජීවිතයේ අමතක නොවනම මොහොතක් වන සැත්කම් කාමරයේදී (Operating Theatre) ගත් ඡායාරූප පෙළක් එක්කර සෑදූ වීඩියෝවක් මුහුණුපොතට එකතු කරමින් පුංචි පවුල තවත් ලොකු වූ බව සිය ආදරණීය ප්‍රේක්ෂකයන් සමග බෙදා ගෙන තිබුණා.
"The most unforgettable moments of our lives, captured in the operating theatre.. The excitement, the nervous smiles, the anticipation, and finally the moment our little Monty came into the world. A moment when time stood still and our family became a little bigger.. Three C-sections, three beautiful blessings, and a lifetime of gratitude."
"අපේ ජීවිතයේ අමතක නොවනම මොහොත.. නොසන්සුන් සිනහවන්, මහත් බලාපොරොත්තු මැද අවසානයේ අපේ පුංචි 'මොන්ටි' මෙලොවට ආවා. කාලය පවා මොහොතකට නතර වුණු, අපේ පවුල තවත් ටිකක් ලොකු වුණු මොහොතක් ඒක.. සිසේරියන් සැත්කම් තුනක්, ලස්සන ආශීර්වාද තුනක් සහ ජීවිත කාලය පුරාම පවතින කෘතඥතාවයක්.." යනුවෙන් සටහනක්ද ඔවුන් එක්කර තිබෙනවා.
සැත්කම් කාමරය තුළදී එකිනෙකාගේ දෑත් අල්ලාගනිමින් මුහුණේ තිබූ බිය සහ කුතුහලය ආදරණීය සිනහවකින් වසාගත් ඔවුන්ගේ මේ ආදරණීය සටහනට සහ ඡායාරූපයට මේ වන විටත් කලා ලෝකයේ හිතවතුන් සහ කෝටි සංඛ්‍යාත රසිකයන් සිය උණුසුම් සුබපැතුම් එක්කරමින් සිටිනවා.
ඉතින් ඔයාලත් බලන්නකෝ මේ සොඳුරු මොහොත කොහොමද කියලා.