ජනප්‍රිය රංගන ශිල්පී සංගීත් ප්‍රභූ සහ සුරූපී නිළි කස්තුරි ජයවර්ධන දෙදෙනාගේ විවාහ ගිවිස ගැනීමේ සොඳුරු උත්සවය වෙනුවෙන් එක්වූ ශලනි, ඔවුන් දෙදෙනා සමඟ ගත් අතිශය සුන්දර ඡායාරූපයක් සිය මුහුණුපොතට එක් කර තිබුණා.
එම ඡායාරූපය සමඟින් ආදරණීය නංගිට සහ මල්ලිට හදවතින්ම සුබ පතමින් ඇය මෙසේ සංවේදී සටහනක් තබා තිබුණා:
"Congratulations to this beautiful couple! Wishing you both a lifetime of love, laughter, and beautiful memories together! May your journey be filled with endless happiness, understanding, and countless reasons to smile. Cheers to your forever Nangi and Malli."
මේ සුන්දර යුවළට උණුසුම් සුබපැතුම්! ඔබ දෙදෙනාගේ ජීවිතය ආදරයෙන්, සිනහවෙන් සහ ලස්සන මතකයන්ගෙන් පිරී ඉතිරී යන්න කියා ප්‍රාර්ථනා කරනවා! ඔබේ ඉදිරි ගමන නිමක් නැති සතුටින්, අනෝන්‍ය අවබෝධයෙන් සහ සිනහවෙන්න දහසක් හේතු වලින් පිරී යන්න. නංගිටයි මල්ලිටයි සුබ අනාගතයක් වේවා!
ක්ෂේත්රයේ වැඩිමහල් සොහොයුරියක් මෙන්ම හිතවතියක් ලෙස ශලනි තැබූ මේ ආදරණීය ආශිර්වාදය දුටු සෝෂල් මීඩියා පරිශීලකයින් සහ රසික රසිකාවියන් රැසක්ම ඊට ප්‍රතිචාර දක්වමින් සංගීත් - කස්තුරි යුවළට සුබපැතුම් එක් කර තිබෙනවා.
අලුත් ජීවිතයකට අතැඟිලි බැඳගත් ආදරණීය සංගීත්ට සහ කස්තුරිට අපෙන්ද උණුසුම් සුබපැතුම්!
