පාන් සහ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ගණන් අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කරලා තියෙනවා කියලා තමයි දැන ගන්න ලැබෙන්නේ.
ඒ අනුව, 450g බරැති පාන් ගෙඩියක මිල රුපියල් 5 කින් ඉහළ යන අතර, ඊට අමතරව අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ගණන් ද මීට අනුකූලව වෙනස් වනු ඇතැයි එම සංගමය පවසනවා.
දිනෙන් දින ඉහළ යන ජීවන වියදම හමුවේ ජනතාව තවදුරටත් අමාරුවක වැටී සිටින මොහොතක, මෙම හදිසි මිල වැඩිවීමත් සමඟ පාරිභෝගිකයින්ට තවත් බරක් දැරීමට සිදු වීම කණගාටුදායක කරුණක්.