විශේෂයෙන්ම ජීවිතයේ අසීරුම මොහොතක, අනාගතය ගැන දහස් ගණන් හීන දකිද්දී ළඟින් ඉඳන් හයියක් වන සැබෑ යාලුවෝ කට්ටියක් ලැබෙනවා කියන්නේ මහත් භාග්‍යයක්.
සමාජ මාධ්‍ය හරහා දැකගන්න ලැබුණු අපූරු සටහනක් සහ ඡායාරූපයක් දකින්න ලැබුනා. ඒ, එකට එකතු වී එකම හීනයක් වෙනුවෙන් මහන්සි වුණු යාලුවෝ හතරදෙනෙක් අවසානයේ තම ඉලක්කය ජයගත් ආකාරයයි.
මෙම සටහනට එකතු කර තිබුණේ 2021 වසරේදී ගත් ඡායාරූපයක් සහ 2026 වසරේ වර්තමානයේ ගත් ඡායාරූපයක් එක්ක.
"2021 එක්තරා දවසක... අඩෝ අපි කැම්පස් යයිද බං?"
එදා නගපු ඒ ප්‍රශ්නයට ඔවුන් අද පිළිතුරු ලබාදී ඇත්තේ කතාබහින් නොව, අතට ගත් උපාධි සහතිකවලිනි... එදා එකට කැම්පස් යන්න හීන දැකපු ඒ යාලුවෝ හතරදෙනාම, 2026 වසරේදී සිය විශ්වවිද්‍යාල උපාධිය සාර්ථකව අවසන් කර, සිනහමුසු මුහුණින් උපාධි ප්රදානෝත්සවයේදී ගත් ඡායාරූපයක් අද සමාජ මාධ්‍යට එකතු කරලා තිබුණා...