සංස්කෘත භාෂාවෙන් 'තෘණ රාජ' සහ 'මධු තෘණ' ලෙස හැඳින්වෙන උක්, සිරුරට සිසිල් බවක් ගෙන දෙන අගනා ඖෂධීය පානයකි.
උක් යුෂවල ක්ෂාරීය ගුණයක් අඩංගු වන බැවින්, ආමාශයේ අම්ල පිත්ත තත්ත්ව (ගෑස්ට්‍රික්) පාලනය කර ආහාර ජීර්ණය පහසු කිරීමට එය කදිමට උදව් වේ. එමෙන්ම අක්මාවේ ප්‍රදාහ තත්ත්ව සහ සෙංගමාල රෝගීන්ගේ පිත පාලනය කිරීමටද උක් යුෂ කදිම ඔසුවකි.
මීට අමතරව උක් යුෂ පානය කිරීමෙන් ලැබෙන තවත් ප්‍රධාන වාසි කිහිපයක් මෙන්න,
ක්ෂණික ශක්තියක්: දැඩි අව් රශ්මියට හා විඩාවට දෙහි සහ ඉඟුරු ස්වල්පයක් එකතු කරගත් උක් යුෂ පානය කිරීමෙන් මලානික ගතිය මඟහැර ප්රබෝධයක් ලබාගත හැකිය.
පිළිකා මර්දනයට: උක් යුෂවල අඩංගු ග්ලූකෝස්, යකඩ, මැග්නීසියම් සහ විවිධ විටමින් වර්ග පිළිකා ඇතිවීම වැළැක්වීමට සහ පුරස්ථි ග්‍රන්ථි හා පියයුරු පිළිකා මර්දනයට දායක වේ.
මුත්‍රා ආසාදනවලට ගුණයි: මුත්‍රා දැවිල්ල, වකුගඩු ආශ්රිත සහ මුත්‍රා මාර්ගයේ ඇතිවන රෝගවලට මෙය කදිම විසඳුමකි.
ගර්භණී සමයට: උදෑසන ඇතිවන වමනය ගතිය අඩු කිරීමටත්, යකඩ සහ පොලිඩ් අම්ලය අඩංගු නිසා කලලයේ නිරෝගී වර්ධනයටත් උක් යුෂ උදව් වේ.
කෙසේ වෙතත්, උක් යුෂවල ග්ලූකෝස් අධික ලෙස අඩංගු වන නිසා දියවැඩියා (මධුමේහ) රෝගීන් මෙය පානය කිරීම නුසුදුසු අතර, අධික ලෙස භාවිත කිරීමෙන් රුධිර පීඩනය වැඩි වීමටද ඉඩ ඇත. සිසිල් ගුණයෙන් යුත් හෙයින් ආයුර්වේදයට අනුව උක් යුෂ රාත්‍රි කාලයේ පානය කිරීමද නුසුදුසු බව විශේෂඥයෝ පෙන්වා දෙති.