කලක් රෝගාතුරව සිටි ඒ මහතා, කොළඹ පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබමින් සිටියදී අද (22) දිවි රඟමඬලෙන් සමුගන්නා විට 73 වැනි වියේ පසුවුණා.
විවිධ චරිත ඔස්සේ ප්රේක්ෂක හදවත් ආමන්ත්රණය කළ ඔහු, පසුගිය කාලයේ අතිශය ජනප්රියත්වයට පත් වූ ටෙලි නිර්මාණ රැසකින්ම ඔහු සිය ප්රතිභාපූර්ණ රංගන කුසලතාව මැනවින් විදහා දැක්වූවා.
ඔහුගේ පෞද්ගලික ජීවිතය ද බොහෝ දෙනාගේ ආදරය දිනාගත් එකක්. මෙරට ජනප්රිය සහ ප්රවීණ රංගන ශිල්පිනී සුසිලා කෝට්ටගේ මහත්මියගේ ආදරණීය සැමියා වූයේ ද රහල් බුලත්සිංහල මහතායි. කලා ලෝකයේ බොහෝ දෙනෙකුට ආදර්ශයක් වෙමින් ගෙවූ ඔවුන් දෙදෙනාගේ සොඳුරු කැදැල්ල පිළිබඳව ප්රේක්ෂකයින් නිතරම කතාබහ කළේ ඉතාමත් ආදරයෙන්.
සැබෑ ජීවිතයේදී ඉතාමත් නිහතමානී සහ සොඳුරු මිනිසෙකු වූ ඔහුගේ මේ හදිසි නික්ම යාම කලා ක්ෂේත්රයට මෙන්ම ඔහුට ආදරය කළ හසුවහසක් රසික ජනතාවට ද දරාගත නොහැකි පාඩුවක්.
අවසන් කටයුතු පිළිබඳ තොරතුරු ඉදිරියේදී දැනුම් දීමට නියමිතයි. ප්රේක්ෂක හදවත් තුළ සදා නොමැකෙන මතකයන් රැසක් ඉතිරි කර නික්ම ගිය ආදරණීය කලාකරුවාණෙනි, ඔබට නිවන් සුව ලැබේවා!